IPL සමාරම්භක මොහොත [ ඡායාරූප බලන්න ]

ජගත් ක්‍රිකට් පිටියේ සුපිරි ක්‍රීඩකයන් රැසක් සහභාගීවන 2015 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අද කොල්කටා හිදී ආරම්භ වේ.කණ්ඩායම් 8ක් තරගවදින මෙහි මූලික වටයට තරග 56ක් ඇතුළත් වන අතර එම තරග ලබන මස 17වැනිදා දක්වා පැවැත්වේ. අවසන් මහා තරගය 24වැනිදා කෝල්කටා හිදී පැවැත්වේ.

මෙවර තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනකු පමණක් එක්වීම විශේෂත්වයකි. පසුගිය වසරේ මෙන්ම ලසිත් මාලිංග මුම්බායි ඉන්දියන්ස්, තිසර පෙරේරා කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් වලට ඇතුළත් සිටින අතර අයි.පී.එල් වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවිවූ විදේශීය ක්‍රීඩකයා වන ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් දිල්ලි ඩෙයාඩෙවිල්ස් පිලට ක්‍රීඩා කරයි.




Share this