19යේ ඇතැම් වගන්තිවලට ජනමත විචාරණයක් ඕනෑ

කථානායක ශේෂ්ඨාධිකරණයේ තීන්දුව පාර්ලිමේන්තුවට කියයි
19 වන ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි නැති බව කථානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට දැනුම්දී තිබේ.කෙසේ වුවද එහි සඳහන් ඇතැම් වගන්නි කිහිපයක් ගැටලූ‍ සහගත බවත්, මේ හේතුවෙන් ඒවා ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතු බවද කථානායකවරයා දන්වා ඇත.

19 වැනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82(1) විධිවිධානවලට අනුකූල බවටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 (5) ව්‍යවස්ථාවේ දක්වා ඇති විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත කළ යුතු බවටත් කතානායකවරයාගේ නිවේදන ඉදිරිපත් කරමින් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

එසේම 11 වන වගන්තිය 42 (3), 43 (1), 43 (3), 44 (2) , 44 (3), 44 (5) අනුව්‍යවස්ථා සහ 26 වෙන වගන්තියේ 104 (ආ) සහ 5 (ඈ) අනුව්‍යවස්ථා සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව ජනමත විචාරණයක දී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බවටත් ශේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත.
මෙහිදී නැගී සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, ජනමත විචාරණය උවමනා යැයි කියන වගන්ති සියල්ල මේ සංශෝධන මගින් ඉවත් කරන බවට කාරක සභා අවස්ථාවේ දැනුම් දෙන බව පැවසුවේ යැයි රජයේ නිල පුවත් වෙබ් අඩ‍වියේ සඳහන්ය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා රජය විමසා තිබූ අතර ඒ අනුව උසාවිය එහි නිර්දේශය කතානායකවරයා වෙත පසුගියදා දැනුම්දී තිබිණ.

ඒ අනූව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ‍ඒ සම්බන්ධ ශේෂ්ඨාධිකරණයේ මතය දැනුම් දී තිබේ.
අද පස්වරු 1ට පමණ පාර්ලිමේන්තුව රැස්වූ අතර පස්වරු 3ට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිත බවද වාර්තා වේ.

Share this