ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ අයෙක් මරුට

2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබීමේ සිදුවීමට සම්බන්ධ Lashkar-e-Jhangvi ත‍්‍රස්ත සංවිධානයේ එක් සැකකරුවෙක් ඇතුළු තලේබාන් සාමාජිකයින් තිදෙනෙක් පාකිස්තානයේ ආරක්ෂක අංශ සිදුකළ මෙහෙයුමකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අද අලුයමදී පාකිස්තාන පොලීසිය හා කමාන්ඩෝ සෙබලුන් එක්වද දියත් කළ මෙහෙයුමකින් හෆීස් අලියාස් මෙහෙමූඩ් නම් සැකකරුවා ජීවිතක්ෂයට පත්වුණා.
2009 වසරේ පැවැති ටෙස්ට් තරගාවලියේ ලාහෝර් හි ගඩාෆි කී‍්‍රඩාංගණයයේ පැවැති ටෙස්ට් තරගයට පැමිණෙන අතරතුර ශී‍්‍ර ලංකා කණ්ඩායම රැගත් බස් රථය ඉලක්ක කරමින් මෙම ප‍්‍රහාරය එල්ල වුණා.

ප‍්‍රහාරය එල්ල කළේ Lashkar-e-Jhangvi ත‍්‍රස්ත සංවිධානය විසින්. එහිදී පාකිස්තානු පොලිස් නිලධාරීන් 6 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු මියගියා.

ප‍්‍රහාරයෙන් ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් 6 දෙනෙක්ද තුවාල ලැබූවා. ඒ අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, සුරංග ලක්මාල්, තරංග පරණවිතාන, අජන්ත මෙන්ඩිස්, තිලාන් සමරවීර, චමින්ද වාස් ද වනවා.

Share this