ඇඳුම ලොකුයි පටිය දිගයි

නව පරපුරේ ජනප්‍රිය නිළියන් අතර අසන්තිකා රණසිංහ දක්ෂ නිළියක්. ඇය මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම රඟපානවා. අසන්තිකා රඟපාන්න ඇඳපු ඇඳුමක් නිසා ඇය මුහුණ දුන් අකරතැබ්බයක් අපිටත් දැන ගන්න ලැබුණා.

’මම මේ දවස්වල ‘මොනර කඩදාසි’ ටෙලිනාට්‍යයේ රඟපානවා. මේ නාට්‍යයේ මම නිරූපණය කරන්නේ පොලිස් නිලධාරිනියකගේ චරිතයක්. මේ චරිතයේදී මට අඳින්න ලැබුණු පොලිස් ඇඳුම මට වඩා ලොකුයි.

සමහර අවස්ථාවල ඒ චරිතය රඟපාද්දී මම පොලිස් කලිසමේ ඉන අතින් අල්ලාගෙනයි රඟපෑවේ. පස්සේ කලිසම් ඉනේ ප්‍රමාණය අඩු කරගන්න ටේලර් ෂොප් එකකට පවා යන්න සිදු වුණා.

ඒ වගේම තමයි පොලිස් නිල ඇඳුමේ පිටුපසට වන්නට තිබෙන පටිය දිගට දිගයි. ඒකත් කොට කර ගන්න සිදු වුණා. කොහොම වුණත් මොන අපහසුතා මධ්‍යයේ වුණත් මම මගේ චරිතය උපරිමයෙන් මම රඟපෑවා.

Share this