ලාංකිකයින්ද හොඳින් හඳුනන ලෝක ප‍්‍රකට පොප් ගායිකා කොලොම්බියානු ජාතික ශකිරා පසුගිය ජනවාරි 29 වැනිදා ඇගේ දෙවැනි දරු උපත බාර්සලෝනා නුවර කිරොන් ටෙක්නොන් රෝහලේදී සිදු කළා. මින් වසර දෙකකට පෙර පුතකු බිහිකළ ශකිරාට මෙවරද ලැබුනේ පුතෙක්.
ජනප‍්‍රිය ගායිකාවක වීම නිසාම ශකිරාගේ අලුත උපන් බිළිඳා දැක ගන්නට ඇගේ රසිකයින් ආසාවෙන් ඉල්ලීම් කළත් ඇය එයට එකවරම කැමති වුනේ නෑ. නමුත් ඇය ඊයේ (5) මුල්වරට සිය බබාගේ යයි කියමින් ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැරියා . නමුත් රසිකයින් තවදුරටත් කුතුහලයේම තබමින් එහි සටහන්වූයේ බබාගේ පාදයක් පමණි. මෙම ඡායාරූපය විදෙස් මාධ්‍ය රැසකද පළකර තිබුණා.
මෙම දෙවැනි දරුවාට ශකිරා සහ ඇයගේ සැමියා විසින් නම තබා ඇත්තේ සාෂා (Sasha Pique Mebarak) යනුවෙනි. දරුවා 9ග54ට පමණ උපත ලැබූ බවද ඇයගේ නිල ට්විටර් ගිණුමේ දක්වා තිබෙනවා.

"I have Daddy's feet, it looks like I've been playing football my whole life" pic.twitter.com/x8tqWlqPJU
— Shakira (@shakira) February 4, 2015