නිදහසට කොඩි දැමීම හෙවත් සිංහයා කකුල් දෙකෙන් එල්ලීම [Video]

රටක ජාතික ධජය යනු එම රටේ අනන්‍යතාවයයි. එම ජාතික කොඩිය පිහිටිය යුත්තේ කිනම් ආකාරයකින්ද යන්න රටේ සිටින සියලුම වැසියන් දැන ගත යුතුයි. එසේම එම ජාතික කොඩියට අපහාසයක් නොවන අයුරින් ප්‍රදර්ශනය කිරීමද කළ යුතු වනවා. එහෙත් මේ වන විට ශ්‍රී ලංකාවේ ජාතික කොඩියට සිදුවන අපහාසයන්, අකටයුතුකම් බොහෝය. 

පසුගිය 4 වනදාට යෙදී තිබූ ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලංකාවේ සෑම නගරයකම, ගමකම නිවෙස්වල මෙන්ම කඩසාප්පුවලද ජාතික කොඩිය ප්‍රදර්ශනය කර තිබුණා. එහෙත් දඹුල්ල ප්‍රදේශයේ ජාතිකය කොඩියට කර තිබූ හානිය සහ සිදු කර තිබූ අවමානය දඹුල්ලේ මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාසගේ කැමරාවේ සටහන් වී තිබුණේ මේ ආකාරයකිනි. 


එහිදී ඇතැම් මුස්ලිම් ජාතිකයන් පමණක් නොව සිංහලුන්ද ජාතික කොඩියට අවමාන කර තිබුණා. එම නිසා නිස බලධාරීනි මේ සම්බන්ධයෙන් ඔබගේ දැඩි අවධානය යොමු විය යුතු යැයි සිරස ගොසිප් අපි දැඩිව අවධාරණය කර සිටින්නෙමු.

වීඩියෝ සටහන - කාංචන කුමාර ආරියදාස - දඹුල්ල









Share this