තරුණියක් ඝාතනය කර දුම්රියට පැන්නේ ඇයගේ මාමාදැයි සැකයක්

ගාල්ල - දඩල්ල - මහමුදලි මාවතේ නිවසක සිටි තරුණියක අද (03) අළුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. නිවසේ සිටි 48 හැවිරිදි ඇගේ මව සහ 20 හැවිරිදි ඇගේ සහෝදරයෙකු ද එහිදී තුවාල ලබා රෝහල් ගත කෙරුණා. ඔවුන් මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍‍්‍රතිකාර ලබන බවයි පොලිසිය ප‍‍්‍රකාශ කළේ.

අසල නිවසක රැදී සිටින මියගිය 23 හැවිරිදි තරුණියගේ මාමා කෙනෙකු මෙම ඝාතනය සිදු කර ඇති අතර සැකකරු මේ වනවිට ප‍‍්‍රදේශය අතහැර පළාගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

</>

ඉස්සන් ව්‍යංජනයක් පිළිබඳ ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් සැකකරු මෙම පහරදීම සිදුකර ඇති බව සදහන්. මීට මාස කිහිපයකට පෙර විවාහ වී ඇති මියගිය තරුණිය, සිය මවගේ නිවසට පැමිණ ඇත්තේ මීට දින කිහිපයකට පෙරයි. කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍‍්‍රතිකාර ලබන ඇගේ සොහොයුරාගේ තත්ත්වය බරපතල බවද රෝහල් ප‍‍්‍රකාශකයෙකු සඳහන් කළා.

මේ අතර, අද අළුයම ගිංතොට පාලම මතින් දුම්රියට පැන පුද්ගලයෙකු සියදිවි හානි කරගෙන තිබෙනවා. එම පුද්ගලයා අදාල ඝාතනයට සම්බන්ධ සැකකරුද යන්න පිළිබඳව සැක මතුව ඇති බවයි ගාල්ල පොලිසියේ උසස් නිළධාරියෙකු සඳහන් කළේ. එම පුද්ගලයාගේ හිස කදින් වෙන්ව ඇති අතර සිරුර ගිං ග`ගට වැටී තිබෙනවා. මේ නිසා ඝාතනයේ සැකකරු මොහු ද යන්න නිශ්චිතවම තහවුරු කර ගැනීමට නොහැකි වී ඇති බවයි එම පොලිස් නිලධාරියා සඳහන් කළේ.
</>

Share this