ගුටි කෑ නිසා කෝටිපතියෙක් වූ ආබාධිත මිනිසා

සමාජයේ ඇතැම් පිරිස් මේ වන විට කුරිරු වී ඇත්තේ තවත් පුද්ගලයෙකුගේ අසරණකමකින් යම්කිසි ලාභ ප‍්‍රයෝජනයක් ලබාගැනීමේ පටු අරමුණු පෙරදැරි කරගෙනයි. එලෙස අසරණ අයෙකුට සිදුවූ අකරතැබ්බයක් හේතුවෙන් ඔහුට වාසනාවන්ත කාලයත් උදාවී ඇති බවට වාර්තාවනවා.

උපතේ සිටම ආබාධිත අයෙක් වූ පුද්ගලයෙක් මෙලෙස පහරදීමක් නිසාවෙන් කෝටිපතියෙකු වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පුද්ගලයා විසින් නිවසින් පිටතට පැමිණි අවස්ථාවකදී කොල්ලකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති අතර ඒ හේතුවෙන් ඔහුගේ එක් අතක් බිඳීගොස් ඇත. එමෙන්ම ඔවුන් මොහුගේ මුදල්ද රැුගෙන පලාගොස් ඇත.



 නිවසේ තනිව ජීවත්වන මෙම අසරණ පුද්ගලයාට පහරදීම හේතුවෙන් අසල්වැසියෙකු විසින් ඔහුට ආධාර පතා වෙබ් අඩවියක් නිර්මාණය කොට ඇත. එහි යුරෝ 500ක මුදලක් එකතුකොට දීමට කටයුතු කර ඇති නමුත් සියළු දෙනා විමතියට පත්කරමින් දින 3ක් ඇතුළත ඒ සඳහා යුරෝ 200,000ක (කෝටි 3ක් පමණ* මුදලක් එකතු වී ඇත. 

මේ වන විට ඔහු සුවය ලබමින් සිටින අතර නිවස ආසන්නයේ සිටින බොහෝ දෙනෙක් ඔහුව ආදරයෙන් රැුකබලාගන්නා බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.




Share this