මැරතන් තරගය අතරමගදී දිවි තරගයෙනුත් සමුගනියි

අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකු හදිසියේම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 15 හැවිරිදි චමෝද් සත්සර නමැති සිසුවෙකි.

අද දින (06) එම පාසලේ නිවාසාන්තර මලල ක්‍රීඩා තරඟයේ මැරතන් ධාවන මහා තරගයේ යෙදී සිටියදී හෙතෙම හදිසියේම බිම ඇද වැටී ඇති බව වාර්තා වනවා.

එයින් පසුව මෙම සිසුවා අම්බන්තොට මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇතත් ඒ වන විටත් සිසුවා මියගොස් සිටි බවයි වැඩිදුරටත වාර්තා වන්නේ.  පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.






Share this