වෙලේ සුදාගේ බිරිඳ මහාධිකරණ භූමියට පැමිණි අයුරු (VIDEO)

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් දහ හත් කෝටියක දේපොළ ලබාගැනීම සම්බන්ධයෙන් වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය ඉදිරියේ ඊයේ කැඳවනු ලැබිණි. එහිදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ, ආරක්ෂක හේතු මත වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර නමැත්තා අධිකරණයට ඉදිරිපත් නොකළ බව ය. ඒ අනුව, එම නඩුව ලබන 19 වන දා දක්වා කල් තැබිණි.

මෙම නඩුව පැවතියදී වෙලේ සුදාගේ බිරිඳ අධිකරණ භූමියට පැමිණ සිටි අයුරු සිරස ටී.වී. කැමරාවේ සටහන් වූ ආකාරය එහි ඊයේ (05 වැනිදා) රාත්‍රී 10 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පෙන්වනු ලැබුවා. එම වීඩියෝව පහතින් බලන්න. 

Share this