ලේ නෑයෙකුගේ අක්මාවේ කොටසක් නාමල්ට ඕනි, ඒත් කවුරුත් ඉදිරිපත් වුනේ නෑ

‘‘අප හමුවීම වෙන්වීම දෝ ආදරේ‘‘ කියන පද පේලිය මතකෙට එන හැම මොහොතකම හිතට නැගෙන ඒ සුන්දර කට හඬේ අපූර්ව හිමිකරුවා නාමල් උඩුගම කියන්නේ ආදරවන්තයින්ගේ හදවතට කිසිදාක අමතක නොවන ගීත ගොන්නක් ගායනා කරපු සොඳුරු ගායකයෙක්.

ඒ වගේම ඔහු තමන්ගේ හඬින් රසික රසිකාවියන් අතර උන්මාදයක් ඇතිකලා. ඔහු ගීත ගායනා කරන අවස්ථාවල කට හෙලවෙන හැටි අනුකරණය කරන්න උත්සාහ කරපු අය අතරේ සමහර විට ඔබත් ඉන්න ඇති. ඒ විතරක් නෙවෙයි කතාවට කියනවා නාමල් කොණ්ඩෙ පීරපු පනාවටත් ලොකු වටිනාකමක් තිබුණා කියලා.

ඒත් අද වෙද්දි ඔහු ගැන අපිට දැනගන්න ලැබෙන්නේ සංවේදී පුවතක්. අපි මීට පෙරත් ඔහු ගැන ඔබට තොරතුරු අරන් ආවේ නාමල් ගැන හැමතැනම පැතිරුණු කටකතාවල සත්‍යතාව ගැන ඔබට පැහැදිලි කරන්න  ඕනි වුනු නිසයි. කොහොම වුනත් මේ වෙනකොට නාමල් උඩුගමගේ අක්මාවට විෂ බීජයක් ගිහින් නිසා ඔහු රෝගී තත්වයට පත්වෙලයි ඉන්නේ. මේ වෙනුවෙන් වෛද්‍යවරු ඉක්මණින් ශල්‍යකර්මයක් කරන්න නියම කලත් ඒ සඳහා නොසිතූ බාධාවක් ඇවිත් තියෙනවා.

මේ ගැන අපි නාමල්ගේ බිරිඳ රුවන්තිගෙන් විස්තර ඇහුවා. ඇය කියන විදියට නාමල්ට අක්මාවක් බද්ද කරන්න අවශ්‍ය වෙනවලු. හැබැයි වෛද්‍යවරු කියන්නේ ලේ නෑයෙකුගේ අක්මාවක කොටසක් ඒකට අවශ්‍යයි කියලා. කොහොම වුනත් මේ වෙනකම් නාමල් වෙනුවෙන් අක්මාවේ කොටසක් පරිත්‍යාග කරන්න කිසිම නෑදැයෙක් ඉදිරිපත් වෙලා නෑ.

ඒ වුනත් නාමල්ට ආදරේ කරන රසික රසිකාවියෝ ඔහු වෙනුවෙන් මේ පරිත්‍යාගය කරන්න ඉදිරිපත්වෙලා ඉන්නවා කියලයි රුවන්ති අපිත් එක්ක කීවේ. ඇය කියන්නේ නාමල්ට මේ තරම් රසික රසිකාවියෝ තාමත් ආදරෙයි කියන එක විශ්වාස කරන්නත් අමාරුයි කියලා. නාමල් වෙනුවෙන් යමක් කරන්න ඉදිරිපත්වුනු හැමෝටම ඇය ස්තූතිවන්ත වෙනවා කියලයි ඇය අපිත් එක්ක කීවා.

Namal Needs A Part Of The Liver Of A Blood Relation,but No One Came Forward - Ruwanthi Says

Share this