සත් වසක තහනම ඉවතට! වැලන්ටයින්දා ”‍බොරදිය පොකුණ”‍ ඔබවෙත ”‍නැවතත් (වීඩියෝ)

මංගලා වෙළෙඳ කලාපයට පැමිණියාය. යළිත් ඇයත්, විපුලත් අතර ආදරය ලියලා වැඩෙන්නේ පෙර පරිද්දෙනි. ගෝතමීට මෙය රිස්සුවේ නැත. ඒ වනවිටත් සිය යෙහෙළියට කිව නොහැකි ගැටලූ‍වකින්  ඕ පීඩා වින්ඳාය. සිය කුසේ උන් දරුවාට කුමක් කළ යුතුදැයි ඇය දහඅතේ කල්පනා කළාය. 
විපුල ද ඇයව මඟ හරියි. 

ගෝතමී කුමක් නම් කරයිද? මංගලා කුමන තීරණයක් ගනීවිද? 

මේ සියලූ‍ ප‍්‍රශ්නවලටම පිළිතුර සැඟවී ඇත්තේ සත්‍යජිත් මාඉටිපේගේ "බොරදිය පොකුණ" චිත‍්‍රපටයේ ය. 

කලක් තහනමට ලක්ව තිබූ මේ චිත‍්‍රපටයේ තහනම ඉවත් වී පෙම්වතුන්ගේ දිනය යෙදෙන පෙබරවාරි 14දා තිරගතවීමට නියමිතය. 

කටුනායක නිදහස් වෙළද කළපයේ සේවය කරන එකම නවාතැනක, එකම කාමරයක නවතැන් ගෙන සිටි එකිනෙකාට වෙනස් ගති පැවතුම්වලින් යුක්ත යෙහෙලියන් තිදෙනෙකු හා හමුදා සෙබෙලෙකුගේ ජීවන අරගලය මෙයට පාදක වී තිබේ.






Share this