තරුණා සේවා සභා ගබඩාවකින් නිල් බලකායේ ටී ෂර්ට් තොගයක් මතුවෙයි

මහරගම තරුණ සේවා සභාවට අයත් ගබඩාවක තිබී නිල් බලකායේ ලාංඡනය සහිත ටී ෂර්ට් තොගයක්  සොයාගෙන තිබේ.

තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා සහ ජාතික තරුණ සේවා සභාවේ නව සභාපති එරන්ද වැලිඅංගේ මහතා යන මහත්වරුන් අද පෙරවරුවේ මහරගම තරුණ සේවා පරිශ්‍රයට ගොස් තිබුණි.

ලැබුණු තොරතුරකට අනුව සිදුකළ සෝදිසියකදී ටී ෂර්ට් 1,50,000ක් සහ 2015 වසරට අදාළ දින දර්ශන හා දිනපොත් තොගයක් ද සොයාගෙන ඇත.

අදාළ භාණ්ඩ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමෙන් අනතුරුව ජනතාවට ඒ සම්බන්ධ තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ මහතා සඳහන් කළේය.

Share this