ඇතැමුන් පසුගිය පාලන කාලයෙහි සිදුවූ සියලු වැරදි බැසිල් රාජපක්ෂ මහතා පිට පටවා මහින්ද රාජපක්ෂ මහතා අහිංසකයෙකු කිරීමට උත්සහ දරමින් සිටින නමුත් පැවති දූෂිත පාලනයෙහි පළමු වග උත්තරකරු මෙන් ම එක ම වග උත්තරකරු මහින්ද රාජපක්ෂ මහතා බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
දූෂණ විරෝධී ව්‍යාපාරය සංවිධානය කළ රැස්වීමකට එක්වෙමින් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසුවේ ‘මෙරටට කළ හානිය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහතාට අනිවාර්යයෙන් දඬුවම් දිය යුතු බව’ ය.
මහින්ද රාජපක්ෂ මහතා ඡන්ද ලක්ෂ 58ක් ලබා ගත්තේ, සියලු මාධ්‍ය භාවිතකරමින් රුපියල් බිලියන 250කට වැඩි මුදලක් වැය කිරීමෙන් බව කියන ඇමැතිවරයාවැඩිදුරටත් සඳහන් කළේ, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයේදී වියදම් කළ රුපියල්බිලියන 250කට වැඩි මුදලින් 90%ක් ජනතාවට අයත් පොදු දේපොළ බව ය.ඉතිරිවා 10%කුඩු, එතනෝල් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් වියදම් කරනු ලැබූ බව ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.