සාමණේර හිමිවරුන් සිඟමනේ යෙදවීමේ ජාවාරමක්

විහාරස්ථානවල වැඩවෙසෙන කුඩා සාමණේර හිමිවරුන් පැහැරගෙන ගොස් සිඟමන් යෙදවීමේ ජාවාරමක් පිළිබඳ අනාවරණය වේ.

අම්පාර ප්‍රදේශයේ විහාරස්ථානයක සාමණේර හිමිනමක් පැහැරගෙනවිත් සාමාන්‍ය ඇඳුම් අන්දවා දඹුල්ල සතිපොළේ සිඟමන් සඳහා යොදවා සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී එවැනි  සාමණේර හිමිවරුන් සිඟමනේ යෙදවු බවට තවත් තොරතුරු රැසක් හෙළී වී ඇති බව දඹුල්ල පොලීසිය සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ සිටි අදාළ සාමණේර හිමිනම අතුරුදන්ව ඇති බවට අම්පාර බක්කිඇල්ල පොලීසියට ද පැමිණිලි ලැබී තිබුණි.








Share this