මහින්දගේ තේමා ගීය හැදු පේෂල ස්වරය මාරු කරයි

මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන කලාකරුවන්ට පසුගියදා කුරුණෑගල කුඹුක්ගැටේ ප්‍රදේශයේදී එල්ලවූ මැර ප්‍රහාරයට විරෝධය දක්වමින් මහින්ද පිලේ සිටි බොහෝ කලා කරුවන් මේ වනවිට ඉන් ඉවත්වෙමින් සිටී.

එම ප්‍රහාරයට විරෝධය දක්වමින් ගීත රචකයන් සහ තනු නිර්මානකරුවන් ඇතුළු සංගීතඥයන් එක්ව ඊයේ (31) පැවැත් වූ මාධ්‍ය හමුවකදී සංගීතඥ පේෂල මනෝජ් මහතා අනාවරණය කර සිටියේ මේ දිනවල මහින්ද රාජපක්ෂ මහතාගේ වේදිකාවේ ගැයෙන ඔහුගේ තේමාගිතය නිර්මානය කළේද තමන් විසින් බවයි.


ඒ අනුව පැහිදිලිවන්නේ ඉන්දීය කලාකරුවන් හරසරින් පිලිගනිමින් මෙරට කලාකරුවන් ඉල්ලක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරය හමුවේ මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් කටයුතු කරමින් සිටි කලාකරුවන් පවා කලකිරීමට පත්ව ඇති බවයි.


- readsrilanka

Share this