බැසිලුත් පනී - ඇමති තොන්ඩමන් චෙන්නායි යයි - සුදර්මනුත් පනී

කළුතර මන්ත්‍රීත් රට යන්න හදයි?

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය බිරිඳ පුෂ්පා රාජපක්ෂ මහත්මිය සමග ඊයේ අළුයම ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුහු ඩුබායි හරහා ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා ප්‍රාන්තයට ගිය බව දැනගන්නට ඇත. රාජපක්ෂ පවුලේ බොහෝ දෙනෙකු ඇමරිකාවේ පදිංචිව සිටිති.

කළු පැහැ ඩිෆෙන්ඩර් රථයකින් හා බී.එම්.ඩබ්ලිව් රථයකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තට පැමිණි බැසිල් රාජපක්ෂ හා බිරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 349 දරණ ගුවන් යානයෙන් අද අළුයම 2.55 ට දිවයිනෙන් පිටත් විය.

ආර්ථික සංවර්ධන අමාත්‍ය දුරය දැරූ ඔහු සීමාරහිත ලෙස බල තල හිමිකරගෙන සිටි ඇමරිකානු පුරවැසියෙකි.

බැසිල් රාජපක්ෂ මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසියේය. ඔහුගේ පළමු නාම යෝජනා පත්‍රයෙහි රැකියාව ලෙස සඳහන් කර තිබුනේ ගොවිතැනයි.

ජනාධිපතිවරණයට සතියකට පමණ පෙර සිට ඔහුගේ ගම්පහ කාර්යාලයේ තිබු ලිය කියවිලි ඇතුලු බඩු භාන්ඩ සියල්ල රැසක් රැගෙන ගොස් තිබිණි.

පුෂ්පා රාජපක්ෂ මහත්මිය 'ලිය අබිමන්' සභාපතිනිය ලෙස කටයුතු කළාය.

මේ අතර කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ප්‍රබල ඇමතිවරයෙකු තවත් දින දෙකකින් ඉතාලියට යාම සඳහා සූදානම් වී තිබෙන බව වාර්තා වෙයි.

ඔහුට රුපියල් කෝටි 45ක අයතා ගණුදෙණුවක් සම්බන්ධයෙන් අල්ලස් හා දූෂන පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

සන්ධාන රජය බලයේ සිටි හෙයින් ඔහුගේ මෙම ගණුදෙණුවට අදාළ ලිපිගොණුව යට ගසා ඇති බව වාර්තා වෙයි.

හිටපු අමාත්‍ය අරුමුගම් ‍තොන්ඩමන් මහතා චෙන්නායි බලා ඊයේ උදෑසන පිටත්ව ගොස් තිබෙනවා. ඔහු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් පිටත්ව ගොස් ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 171 දරණ ගුවන් යානයෙනි.

පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ඔහුගේ ආසනයද පැරදුනේය.

ඔහු තම ආසනය පැරදුනහොත් ශ්‍රී ලංකාව අතහැර තමිල්නාඩුවේ පදිංචියට යන බව ජනපතිවරණයට පෙර මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.

මේ අතර සුදර්මන් රදලියගොඩ ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක්ද දිවයිනෙන් පළාගොස් ඇති බවට ගුවන් තොටුපොළ වාර්තා පවසනවා. 

Share this