ජනප්‍රිය නිළි, ලින්ඩ්සේ ලෝහන් නිරතුරුවම පාහේ කරදරවලට මුහුණ දුන් නිළියක්. මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇයට සිරගතවීමටත් සිදුවුණා. පසුව ඇය පුනරුත්ථාපන මධ්‍යස්ථානයක නේවාසිකව සිටි බව ප්‍රකට කාරණයක්.
මේ වන විට 28 වැනි වියෙහි පසුවන ලින්ඩ්සේට පසුගියදා චිකුන් ගුන්යා රෝගය වැලඳී තිබුණා. ප්‍රංශයේ පොලිනීසියා ප්‍රදේශයේ නිවාඩුවක් ගත කරමින් සිටිද්දීයි, ඇයට මේ රෝගය වැලඳී ඇත්තේ. චිකුන්ගුන්යාවෙන් පීඩා විඳිමින් සිටින අතරේදී ඇය තවමන්ගේ ට්විටර් වෙබ් පිටුව භාවිතා කරමින් රෝගී තත්වය ලොවටම හෙළි කර තිබෙනවා.
ඒ විතරක් නොවෙයි තමන්ගේ ඡායාරූපයක් ද ඊට එකතු කරමින් ‘මගේ සෞඛ්‍ය තත්වය දැන් හොඳ’ යැයි යනුවෙන් සටහනක් ද තබා තිබෙනවා. මේ ඡායාරූපයෙහි ලින්ඩ්සේ සිය යහළු යෙහෙළියන් සමඟ නිවාඩුව සතුටින් ගත කරන ආකාරය මතු කර තිබුණා.
ලින්ඩ්සේ මෙලෙස රෝගී වන්නට පෙර අයි.ටී.වී. රූපවාහිනී චැනලය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වුණා. ‘ජොනතන් රොස් ෂෝ’ යනුවෙන් හැඳින්වෙන මෙම සම්මුඛ සාකච්ඡාමය වැඩසටහනේදී ජොනතන් රොස් විසින් අසන ලද ප්‍රශ්නයක් නිසා ලින්ඩ්සේට කිසිවක් කියා ගන්නට නොහැකි වී ඇය අසරණ තත්වයකට පත්වුණා.
එහිදී ඔහු, ඇගෙන් විමසුවේ ඇය සිරගතවී සිටි කාලය ගැනයි. මේ ප්‍රශ්නයෙන් ලෝහන් දැඩි අපහසුතාවයකට පත්වූ බවත් ජොනතන් එවැනි ප්‍රශ්නයක් අසනු ලැබීම කිසිසේත්ම උචිත නොවන බවත් හොලිවුඩයේ බොහෝ දෙනකු පවසා තිබුණා.