දස හැවිරිදි දියණිය පණපිටින් වළ දමා ඝාතනය කිරීමට තැත් කළ නරුම පියෙක් දැලේ [VIDEO]

සිය 10 හැවිරිදි දියණිය පණ පිටින් වළ දමා ඝාතනය කිරීමට තැත් කළ පාපීතර පියෙකු පිළිබඳව ඉන්දියාවේ ට්‍රිපුරා ගම්මානයෙන් වාර්තා වේ. මෙම ගම්මානය පිහිටා ඇත්තේ, ඉන්දීය - බංග්ලාදේශ දේශ සීමාව ආසන්නයේ ය. සිය බිරිඳ නිවසින් පිටතට ගොස් සිටි අවස්ථාවක අදාළ පියා දියණියගේ දෑත් බැඳ, කෑ ගැසීමට නොහැකි වන සේ මුඛය රෙදි පටියකින් බැඳ නිවස පිටුපස වළක් හාරා එතුළට සිය දියණිය දමා ඇත. ඔහුට එම අවස්ථාවේ සම්පූර්ණයෙන් ම දියණිය වළ දැමීමට
නොහැකි වී ඇති අතර පපු මට්ටම දක්වා වළ දැමූ
දියණිය පසුව සම්පූර්ණයෙන් වළ දැමීමේ අටියෙන්  උණබටවලින් සාදන ලද බෙරයකින් ඇයගේ හිස වසා දමා ඇත්තේ, කිසිවෙකුට නොපෙනෙන ලෙසිනි. කෙසේ වෙතත් පසුව බිරිඳ නිවසට පැමිණ ඇති අතර ඇය දියණිය නොමැති වීම නිසා අසල්වැසියන් ද සම`ග එක්ව දියණිය සොයා ඇති අතර පසුව වළදමා සිටි දියණිය බේරා ගෙන තිබේ. අස්වාසීන් අදාළ පුද්ගලයාට පහරදී පසුව පොලීසියට භාර දී තිබේ.

අදාළ පියා දියණියන්ට ඇති අකමැත්ත හේතුවෙන් දියණිය ඝාතනය කිරීමට තැත් කර ඇති බව හෙළි වී ඇත. දියණිය පණ පිටින් වළ දැමීමට උත්සාහ කළ අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන පුද්ගල ඝාතනයකට තැත් කිරීම යටතේ ඔහුට චෝදනා ගොනු කිරීමට නියමිත බව ‍පොලීසිය පවසයි.

Share this