ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් වුවහොත් තමන් වෙඩි තියා ගන්නා බව ආධ්‍යාත්මවේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ජනාධිපතිවරණයට පෙර සහභාගී වූ රූපවාහිනී
වැඩසටහනකදී ප්‍රසිද්ධියේ කියා සිටියේය. එමෙන්ම එවක රාජකීය ජෝතිශ්‍යවේදියා වූ සුමනදාස අබේගුණවර්ධනද නියත වශයෙන්ම හිටපු ජනපති විශ්ෂ්ඨ ජයග්‍රහණයක් ලබාගන්න බව ප්‍රකාශ කොට තිබුණි.
නමුත් ජනාධිපතිවරණයෙන් පසු ඔවුන් මාධ්‍ය වෙත ප්‍රකාශ කළ කරුණු වලින් පැහැදිලි වී තිබුනේ ඔවුන්ගේ පටු අරමුණු ඉටු කරගැනීම උදෙසා ජෝතිෂ්‍ය විෂය අනිසි ලෙස භාවිතා කොට ඇති බවයි. මෙයට පෙර ගාඩියන් පුවත්පත වෙත සිය අනාවැකිය වැරදි යාම පිළිබඳව සුමනදාස මහතා කියා තිබුනේ පරදින බව දැන දැනත් එය නොකීවේ කීමට බය නිසාවෙන් බවයි. මේවනවිට චන්ද්‍රසිරි බණ්ඩාරද තමාගේ අනාවැකිය වැරදි යාම පිළිබඳව එයට නොදෙවෙනි වූ හේතුවක් ඉදිරිපත්කොට තිබේ. පසුගියදා පුවත්පතකට ලබාදුන් සාකච්චාවකදී ඔහු පහත ආකාරයට ප්‍රකාශ කර තිබුණි.
ඔබට ජ්‍යොතිෂය ගැන විශ්වාසයක් නැද්ද?
එහෙම නෙවෙයි මම ගියපාර පරදිනව කිව්වම මේ පාලකයා නොසීහෙන නායකයෙක් කිව්වම ජනතාව කළේ 2009දී යුද වීරයෙක් කරල එතුමව ජයග්‍රහණය කරපු එක. අන්තිමට මට ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය, ජනතාව කැලඹීමේ කුමන්ත්‍රණය සහ රජය පෙරැුළීමට කුමන්ත්‍රණය කිරීම යටතේ චෝදනා එල්ල කරල මරන්න ගෙනිච්චා. ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට ගත්තා.
එහෙනම් ඔබ ඔබේ පෞද්ගලික හේතුවක් උඩ මුළු රටක්ම ඇන්දුවා?
දැන් මට කවුරු මොනව කියන්න ආවත් එදා මට උදවු කළේ කවුද? ඔය කෑගහන එකෙක්වත් ආවෙ නෑ. මම ජනතාවට 2015දී නොකිව්වට 2009දීම කිව්ව මහින්දව ආයෙ ගේන්න එපා කියලා. ඒ කියල මගේ ගෙදර අයට කන්න බොන්න ටික ගෙනත් දෙන්න ලොකු වෙහෙසක් ගන්න වුණා. ඒ වගේ කරදරයක මම මොකටද ආයෙ වැටෙන්නෙ.
ඒ දේවල් නිසා ජනතාව මුළා කිරීම සාධාරණද?
ඔයාට ඒ ප්රශ්නය වැදගත් වුණාට මට ඒක වැදගත් නෑ.
වගකීමක් නැතිව ඇයි ජ්‍යොතිෂ අනාවැකි කියන්නේ?
වගකීමක් නැතිව නොවෙයි. මගේ දරුවො මට වටිනවා. එක සැරයක් වීරයෙක් වගේ අනාවැකි කියන්න ගිහින් මැරෙන්න ගියා. ඉතිං වගකීම කියල මම කොහොමද ඒ වළටම ආපහු වැටෙන්නෙ.
එහෙනම් ඔබ කිව්වෙ හිටපු ජනාධිපතිතුමා දිනනවට කැමැත්තෙන් හිටියෙ කියලා?
ඒක මම කිව්වා මගේ පණ බේරගන්න ඕන නිසා.
තමාට එවන් අනාවැකි පළකිරීමට හේතුවූ සියලූ කරුණු ඉදිරියේදී මාධ්‍යවේදීන් හමුවේ හෙළිකරන බවත් එම හෙලික්රීමෙන් පසුවත් මිනිසුන් තමාට වෙඩි තියාගන්න ඕන බව පැවසුවොත් වෙදිතියාගනිමට සූදානම් බවද චන්ද්‍රසිරි බණ්ඩාර විසින් ප්‍රකාශකොට තිබේ.