Showing posts with label intgossip. Show all posts
Showing posts with label intgossip. Show all posts

ශ්‍ර‍ද්ධා කපූර්ගේ පැය 72 ගේම

බොලිවුඩ් නිලි ශ්‍රද්ධා කපූර් මේ දිනවල ගෙවන්නේ ඉතාම කාර්යබහුල කාල පරිච්ඡේදයක්. මේ දිනවල රූගත කිරීම් කෙරෙන චිත්‍රපට දෙකකුත්, වෙළඳ ප්‍රචාරක කටයුතුත් නිසා ඇය පැය 72 ක් එක දිගටම කාර්යයේ නියුතු වූ බවකුයි කියවෙන්නේ.

ඇයගේ මීළඟ චිත්‍රපටය වන 'බාගී' සඳහා රැයක් පුරා බැංකොක් හි රූගත කිරීම් වල නිරත වූ ශ්‍රද්ධා හදිසියේම මුම්බායි ඇවිදින් තියෙන්නේ ප්‍රචාරක කටයුතු සඳහායි. රැස්වීම් දෙකකට සහභාගී වූ ඈ චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා නැවත බැංකොක් ගොස් තිබෙනවා.

චිත්‍රපටයේ වැඩත්, ප්‍රචාරක වැඩකටයුතුත් යන දෙකින් එකකටවත් පාඩුවක් සිදු කිරීමට ශ්‍රද්ධා අකමැති බවයි ඇගේ නියෝජිතයෙක් පවසා ඇත්තේ. මේ දිනවල ශ්‍රද්ධා රූගත කිරීම් වල නියුතු අනෙක් චිත්‍රපටය තමයි, 'රොක් ඔන් 2'.

දෙවැනි වටය මිහිරි වේවි

ලේඩි ගාගා, ඇමෙරිකාවෙන් බිහිවූ ජනප්‍රිය ගායිකාවක්. ඇය ගීත රචිකාවියක් හැටියටත් ප්‍රසිද්ධයි. ඇයගේ සැබෑ නම, ස්ටෙෆනි ජොඈන් ඇන්ජලිනා ජර්මැනෝයි. ඒසේ වුවත් සංගීත ලෝකයේදී ලේඩි ගාගා වූ මේ රුවැත්තිය ළඟදීම විවාහ වන්නට ලක ලැහැස්ති වන බවට උණුසුම් පුවතක් හොලිවුඩ් මාධ්‍ය හෙළිකර තිබුණා. ඇගේ අත ගන්නේ හොලිවුඩයේ ජනප්‍රිය නළුවකු වන ටේලර් කොනියි.
ලේඩි ගාගාට ටේලර් ව මුල් වරට මුණ ගැසුණේ 2011 දීයි. ඒ, ඇයගේ ගීතමය වීඩියෝ එකතුවක රූගත කිරීම් සිදු කරද්දීයි. ‘යූ ඇන්ඩ් අයි’ නම් වූ මේ ගීත එකතුවෙහි ටේලර් කෙනී රංගනයෙන් එක්වී සිටියා. මේ ගීත එකතුව රූගත කිරීම් නිමාවට පත්වුණේ දෙදෙනා පෙම්වතුන් වීමෙන්. ඒත් මේ ප්‍රේම කතාව ගලා ගියේ මාස කීපයකටයි. 2012 මැයි මාසයේදී දෙදෙනා වෙන්වුණා. එයින් වසර 2 ක් ගත වනතුරු ලේඩි ගාගා සහ ටේලර් මුණ ගැසුණේ නැහැ.

නැවතත් මේ දෙදෙනා එක්වුණේ පසුගිය වසරේ දීයි. ඒ එක්වීමෙන් පසු, ‘කිව් ඇන්ඩ් ඒ’ නම්වූ රූපවාහිනී වැඩ සටහනට සහභාගි වූ ලේඩි ගාගා ප්‍රකාශ කළේ තමන්, ටේලර් කෙනි සමඟ ළඟදීම විවාහ වන බවයි. නුදුරු දිනයකදීම විවාහ ගිවිස ගැනීමේ උත්සවය පැවැත්වෙන බව මින් පසුව සමහර මාධ්‍ය සඳහන් කර තිබුණා. මේ වන විටත් ටේලර් තම අනාගත බිරිය ලේඩි ගාගාට අගනා දියමන්ති මුදුවක් මිලදී ගෙන ඇතැයි පැවසෙනවා.

මේ නිසා පළමු වටයේ ප්‍රේම කතාවට වඩා දෙවැනි වටය වඩාත් සුන්දර වී දෙදෙනාගේ ජීවිත බැබළෙන බවත් සැකයක් නැහැ.



එලොව ගිහින් මෙලොව ආ හැටි....

ෂෙරන් ස්ටෝන් මීට දශක දෙකකට පමණ පෙර හොලිවුඩ් සිනමා‍ ලොවේ ගිනි සිළුවක් වී සිටියා‍. ඇගේ ආන්දෝලනාත්මක රංගන‍ සිනමා විචාරකයන්ගේ අවධානය දිනා ගන්නට සමත් වූවා‍. අනුරාගයේ සංකේතයක් ලෙස හැඳින්වූ ෂෙරන්, මේ වන විට 56 වැනි වියෙහි පසුවෙනවා.

මීට වසර 13 කට එපිටදී ඇය බරපතළ ලෙස රෝගාතුර වුණා. මොළයේ අභ්‍යන්තර ලේ ගැලීමක් නිසා තමන් අංශ බාග රෝගියෙකු බවට පත්වී සිටියා යැයි ඇය මෑතකදී මුල් ම වතාවට හෙළි කළා. ඒ අභාග්‍ය සම්පන්න කාලය ඇගේ ම වචනවලින්....

“ඒක මහා වේදනාකාරී අත්දැකීමක්... 2001 දීයි මට ඔය අසනීපය හැදුණේ. ඒ වෙලාවේ මාව ගෙදරදී ඇදගෙන වැටුණා. රෝහලට ඇතුළත් කළායින් පස්සෙ, දවස් 9 ක් ම දැඩි සත්කාර ඒකකයේයි, මම හිටියේ. ජීවිතය ගැන විශ්වාසයක් තියා‍ගන්න බැරි තත්ත්වයකයි මම ඉඳලා තියෙන්නෙ. රෝහලෙන් ආවට පස්සෙ අවුරුදු 2 ක් විතර ගතවෙන තුරු මට හරියට කතා කරන්නවත්, ඇවිදින්නවත්, පොතක් පතක් කියව ගන්නවත් බැරිවයි හිටියේ. ඒ අවුරුදු දෙකේදීම මම ඇවිදින්නයි, කතා කරන්නයි, පොත්පත් කියවන්නයි ඉගෙන ගත්තා.‍‍”

ෂෙරන් දැන් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් කල් ගෙවනවා. ඇය වෙතින් තවමත් එදා තිබුණු සුන්දරත්වය ගිලිහී ගොස් නැහැ. ඒ නිසා ම ඇය රංගනයෙන් සමුගෙනත් නැහැ. මේ වසර අගදී විකාශය වීමට නියමිත ‘ඒජන්ට් x’ නම් වූ ටෙලිනාට්‍ය මාලාවෙන් ඇය නැවතත් රසික පිරිස හමුවෙනවා. එම ටෙලිනාට්‍ය මාලාවේ ඇය නි‍රූපණය කරන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරියගේ චරිතයයි.














වැටුණත් නොනැවතුණු අධිෂ්ඨානය

උනන්දුව, උත්සාහය මෙන්ම අධිෂ්ඨානයක් තිබේ නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් යන කියමන සනාථ කිරීමේ අවස්ථාවක් පසුගියදා ටෙක්සාස්හි පැවැති කාන්තා මැරතන් තරගයක් අතරතුරදී එහි රැස්ව සිටි සියලු දෙනාටම දැක ගැනීමට හැකියාව ලැබුණා. 
කාන්තා මැරතන් තරගය නියෝජනය කළ 29 හැවිරිදි කෙන්යානු ජාතික තරගකාරියක් ජයග්‍රහණයට මීටර් 50ක් පමණ තිබියදී බිම ඇදවැටුණි. එහෙත් බිම ඇද වැටීමෙන් පසු හෝ පරාජය භාර නොගත් ඇය දණ ගාගෙන ගොස් තරගය අවසන් කළ අකාරය ඉතාමත් සංවේදී විය.

ඇය ඇද වැටීමෙන් පසු ඇයට රෝද පුටුව ක් ලබා දුන්න ද එය ප්‍රතික්ෂේප කළ ඇය දැඩි අධිෂ්ඨානයකින් යුතුව තුන්වැන්නිය ලෙස තරගය අවසන් කළා ය. ඇය බිම ඇද වැටීමට පෙර තරගයේ පළමුවැනියා ලෙස ඉදිරියෙන් සිටියේය. එහෙත් ඇය ඇද වැටීම හේතුවෙන් තරගයේ තුන් වැනියා බවට පත්විය. එසේම ඇයට ලබාදුන් ත්‍යාග මුදලද දෙගුණ කර තිබෙනවා. 

නයගර ඇල්ල හිමෙන් වැසී යයි

ලොව පුරා සංචාරකයන්ගේ ඇස් පිනවන නයගරා ඇල්ල මේ දිනවල පවතින අධික ශීත කාලගුණය හේතුවෙන් හිමිවෙන් වැසී ගොස් ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා. මෙලෙස උෂ්ණත්වය පහළ යාම හේතුවෙන් නයගරාහි යෝධ අයිස් තහඩු නිර්මාණය වී ඇති බවත් ඒවා ඉතාමත් දර්ශනීය දසුන් බවයි එහි පැමිණෙන සංචාරකයන් පවසන්නේ. එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෘණ අගයක පවතින බවයි වාර්තා වන්නේ. හිමෙන් වැසුණු නයගරාහි ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 















සෙලීනාගේ උඩු නිරුවත් සඟරා කවරය

මේ වනවිට 22 හැවිරිදි වියේ පසුවන සෙලීනාට බොහෝ ක්ෂේත්‍ර තුළ විශාල ඉල්ලුමක් තිබේ. එයට හේතුව වන්නේ ඇගේ තාරුණ්‍යය හා ඇයට ඇති රූසපුව හේතුවෙනි. කෙසේ නමුත් ඇය 'V' සඟරාවේ මෙවර මුල් කවරයේ ඡායාරූප සඳහා උඩුකය නිරුවතින් දායක වී ඇත. මෙම ඡායාරූප අන්තර්ජාලයේ පළවීමත් සමග ඇයට ට්විටර් රසික අප්‍රසාදය හිමිව තිබෙන බව වාර්තා වේ