නිව්යෝර්ක්හි මාර්ගයක් ශ්‍රී ලාංකිකයෙකු නමින් නම් කෙරේ

අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ වීථියක් ශ්‍රී ලාංකිකයෙකුට ගෞරව පිණිස ඔහුගේ නමින් නම් කර තිබෙනවා. 

නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටියදී මිය ගිය නිලධාරීන් කිහිප දෙනෙකුට ගෞරවය පිණිස එහි වීථි නම් කිරීමේ වැඩසටහනක් යටතේයි මෙය සිදු කර තිබෙන්නේ. ඒ අනුව, එම ගෞරවය පාත්‍ර වූ ශ්‍රී ලාංකිකයා වන්නේ, කල්‍යාණ රණසිංහ නමැති පුද්ගලයෙකි.

ඔහු නිව්යෝර්ක් පොලීසියේ රථවාහන අංශයේ නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙක්. 2013 වසරේ දෙසැම්බර් මසදී ඔහු මැන්හට්න්හි මිඩ්ටවුන් ප්‍රදේශයේ රාජකාරියේ නිරතව සිටියදී ට්‍රක් රථයකට යටවී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.





Share this