පසුගිය ජනාධිපති මැතිවරණ සමයේ රත්නපුර ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමක් සම් බන්ධයෙන් රිමාන්ඩ් භාරයේ සිටි රත්නපුර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා (චොකා මල්ලී) රු. ලක්ෂයක මුදල් ඇපයක් පිට මුදා හැරීමට අභියාචනාධිකරණය ඊයේ (07 දා) නියෝග කළේය. ලක්ෂ 10 ක ශරීර ඇපයක්ද නියම කළ අතර ඔහුගේ සමීප ඥතීන් දෙදෙනකු ඊට අත්සන් තැබිය යුතු බවට නියෝග කෙරිණි.
විදේශ ගතවීමට නොහැකි වන පරිදි ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කළ අතර සෑම මසකම අවසාන දිනයේ පොලිසියේ පෙනී සිටින ලෙස ද ඔහුට නියම කෙරිණි. රත්නපුර මහාධිකරණයෙන් කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති අතර අභියාචනාධිකරණය ඔහුට ඇප නියම කළේ. ඊට එරෙහිව ගොනු කර තිබූ ප්රතිශෝධන අයදුම්පතක් සලකා බැලීමෙන් අනතුරුවය.
මාලනී ගුණරත්න සහ රෝහිනී වල්ගම යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඇප ඉල්ලීම සලකා බැලිණි. ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ප්‍රේමලාල් ජයසේකර මහතා වෙනුවෙන් පෙනී සිටියේය. ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ හිමාලි ජයනෙත්ති මහත්මිය නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතර ඇය එම ඇප ඉල්ලීමට විරුද්ධත්වය පළ කළේ නැත.