සේයා උස්සන්න කොන්ඩයා වසරක් කුරුමානම් අල්ලලා

සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් ඇය දූෂණය කිරීමට තමා වසරක පමණ කාලයක සිට මාන බලමින් සිටි බවත්, ඇය පැහැරගෙන යෑම සඳහා ඇයගේ නිවසේ ජනේලය ළඟට සිව් වතාවක් පමණ පැමිණ අවස්ථාවක් නොලැබුණු නිසා ආපසු හැරී ගිය බවත් ඇය පැහැරගෙන යෑමට අවස්ථාව ලැබුණේ පස්වෙනි වතාවේ බවටත් සේයා සදෙව්මීගේ ඝාතකයා වූ ‘‘කොණ්ඩයාගෙන්’’ ඊයේ (25) කළ ප‍්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී තිබෙනවා.
ඇය පැහැරගෙන ගිය දිනයේ නිවසට ඇතුළුවීම සඳහා පැය ගණනාවක් තිස්සේ නිවස තුළ සිදුවන දෑ බලමින් අවට සැඟවී සිටි බව පවසන කොණ්ඩයා නිවසේ ඉදිරිපිට දොරේ යතුරුදමා තිබුණා නම් එදිනද තමාට සේයා පැහැරගෙන යෑමට අවස්ථාවක් නොලැබෙන බව ද පවසයි. සේයා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කිරීමට පෙර ඇය ඝාතනය කිරීමට සිදු වූ බව පවසන කොණ්ඩයා ඇය පැය ගණනාවක් තිස්සේ දූෂණයට ලක් කළේ එසේ මිය ‍ගොස් තිබිය දී බවත් පවසා තිබෙනවා.

තමා ගමේ සැරිසැරූ අවස්ථා ගණනාවකදීම සේයා වැනි රූමත් දැරියන් කෙරෙහි දැඩි ආශාවකින් පසු වූ බව ද තමන්ට ‍සේයා ඝාතනය කිරීමට සිදු වූයේ ඇය කෑ ගසා කලබල කළහොත් අවට පිරිස් අවදිවීම නිසා තමාගේ අරමුණ ඉෂ්ට කරගැනීමට අවස්ථාවක් නොලැබීමට ඉඩ නොලැබේ යැයි හැඟුණ නිසා බව ද කොණ්ඩයා පවසයි.

සේයා දැරිය නිදා සිටියදී කීප අවස්ථාවක් ජනේලය හැර ඇය නිදා සිටි දෙස බලා සහ ඇය සෙසු අය සමඟ නිවසේ සාලයේ රූපවාහිනිය නරඹමින් සිටියදී ඇය දෙස සැඟවී බලා සිටි අවස්ථාවල ඇය පැහැර‍ගෙන ගොස් තමාගේ ආශාවන් ඉෂ්ට කර ගැනීමේ අවශ්‍යතාවද වැඩි වෙන්නට පටන් ගත් බවත් එය ඉෂ්ට කරගන්නා තුරු තමන් වෙන කිසිම දෙයක් ගැන නොසිතූ බවත් එම අපරාධකරුවා එම පාපොච්චාරණයේදී තවදුරටත් පාපෝච්ඡාරණය කර තිබෙනවා.

මෙම සැකකරුගෙන් රහස් පොලිසිය තවදුරටත් ප‍්‍රශ්න කරගෙන යන අතර ඔහු තරුණ වියේදී තරුණියන් කිහිප දෙනෙකු සමඟම සම්බන්ධකම් පැවැත්වීමට උත්සාහ කළත් ඊට අවස්ථාවක් නොලැබුණු බව ද ප‍්‍රකාශ කර ඇත.

තවත් ඉදිරි දිනය තුළදී සැකකරුගෙන් ප‍්‍රශ්න කර අනතුරුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව රහස් පොලිසිය පවසයි.


Share this