සැමියා සමලිංගික බව දැනගත් පසු වෛද්‍යවරියක් දිවි නසාගනී

ෆෙස්බුක් ගිණුමේත් දිවි නසාගන්නා බවට පලකරලා

සැමියාගෙන් එල්ල වන මානසික වධ හිංසා සහ සැමියා සමලිංගිකයකු බව විවාහයෙන් පසුව දැන ගැනීම හේතුවෙන් සිත් තැවුලට පත්ව සිටි වෛද්‍යවරියක් සිය දිවි නසා ගැනීමේ පුවතක් ඉන්දියාවේ දිල්ලියෙන් වාර්තා වනවා. 
ඇය මෙසේ දිවි නසාගැනීමට ප‍්‍රථම ලිපියක්ද ලියා ඇයගේ ෆෙස්බුක් ගිණුමේද පළකර තිබෙනවා. මෙලෙස දිවා නසාගෙන ඇත්තේ ඉන්දියාවේ දිල්ලිහි AIIMS වෛද්‍යවරියක් වන 31 හැවිරිදි ප්‍රියා වේදි නමැත්තියකි. දිල්ලි පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් සිදු වූ තුවාලවීමකින් අධික ලෙස ලේ වහනය වීමෙන් මෙම මරණය සිදුව ඇති බවට සැක කරන බවයි. 

වෛද්‍යවරියක් වන ඇය විවාහයෙන් පසු තමන්ගේ ස්වාමිපුරුෂයා සමලිංගික බව දැනගත් පසු මහත් කම්පනයට පත්ව තිබෙනවා. එයද ඇය දිවිනසා ගැනීමට කාරණයක් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මේ පිළිබඳව ඇය ලිපියේදී සඳහන් කර තිබෙනවා.


 31 හැවිරිදි අදාළ වෛද්‍යවරියගේ මළ සිරුර දිල්ලිහී හෝටල් කාමරයක තිබී හමූවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු වන ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වනවා.
පුරුෂයා සමලිංගික බව දැනගත් පසු ඔහුගේ තත්වය මෙම වෛද්‍යවරිය තේරුම්ගත් නමුත් ඔහු විසින් දෑවැද්ද පිළිබඳ ප‍්‍රශ්න කරමින් නිතර මානසික පීඩා එල්ල කළ බවත් ඇයගේ ලිපියේ සඳහන්.

ඇය දිවිනසාගත් දිනයේත් මේ සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අතර ආරවුලක් ඇති වූ බවට මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. එමෙන්ම ඇයගේ ෆෙස්බුක් ගිණුමේ පලකළ පණිවුඩයේ දැක්වෙන්නේ තම සැමියාට ඇය ආදරය කරන බවත් ඔහු එය තේරුම් නොගන්නා බවත්ය.

මෙම මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රියාගේ සැමියා වන කමල් වේදි මැයි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. එසේම මානසික සෞඛ්‍ය වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණ කරන්නේ. 

ප්‍රියා වේදි ගේ අවසන් ෆේස්බුක් සටහන තබා ඇත්තේ මේ ආකාරයෙනි. 


 "Dr Kamal Vedi, I never wanted anything from you but due to your abnormal sexuality you thought that I need sex from you. But it's wrong... "...I just wanted to be with you, accepting you and your sexual orientation because I loved you very much but you never knew importance of this. You are a criminal of my life. Dr Kamal's family is innocent but you are a devil,"





ප්‍රියා අවසන් වශයෙන් ෆේස්බුක් හි තැබූ සටහන



Share this