උතුරේ පොලිස් ස්ථානවලට ප්‍රහාරයක් ? නිර්නාමික ඇමතුම ගැන පුළුල් පරීක්ෂණ


උතුරු  පළාතේ පොලිස් ස්ථාන කිහිපයකට ප්‍රහාරයක් එල්ල කරන බවට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබී ඇති බව වාර්තා වනවා. 

කන්කසන්තුරේ පොලිස් ස්ථානයට පසුගිය 11 වනදා දහවල් 1.15ත් 1.20ත් අතර කාලයේදී මෙම ඇමතුම ලැබී ඇති බවත් උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ල කරන බවත් ඉන් කියැවී තිබෙනවා. 

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ අවධානයක් දක්වන බවයි. 

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර තිබෙනවා. 


ප්‍රේමලාල් ජයසේකර සැප්තැම්බර් 8 වන දා පාර්ලිමේන්තුවට?

මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් හිමි නොවීම පිළිබඳ අද ප්‍රශ්න කෙරුණු අවස්ථාවේ දීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී.දොළවත්ත මහතා විසින් මේ පිළිබඳව කථානායකවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

"රත්නපුර ජනතාව ප්‍රේමලාල් ජයසේකර මහතා පත්කළා. ඔහුව බන්ධනාගාරගත කරලා සිටිනවා. ඔහු අභියාචනයකුත් යොමු කර තිබෙන්නෙ. ඒ නිසා ඔහුව පාර්ලිමේන්තු ගේන්න නියෝග කරන්න.."යනුවෙන් ඔහු එහිදී පැවසීය.

ඊට පිළිතුරු ලබාද‍ෙමින් කථානායකවරයා මෙසේ පැවසීය.

"එතුමාගේ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වන තුරු කථානායකවරයාට ලැබිලා නෑ. ඒක අධිකරණයෙන් ගතයුතු තීන්දුවක්. නමුත් එතුමාට ඡන්දේ දීපු ඡන්ද දායකයාගේ අයිතිය පැහැරගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම මන්ත්‍රීතුමාව පාර්ලිමේන්තු ගේන්න කියන එක අපි මතක් කරනවා බන්ධනාගාරයට."

පසුව අද පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාවේ දී ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් නැවතත් ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම පිළිබඳ විමසා සිටියේය.

එහිදී කථානායකවරයා කියා සිටියේ ඔහුව ලබන මස 8 වන දින පාර්ලිමේන්තුවට කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම්දී ඇති බවය.

රත්ගමදී අසුවුණේ නාකොටික් නිලධාරීන් පොඩි ලැසීට විකුණූ කුඩු


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ගාල්ල, රත්ගම ප‍්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් සහ T-56 ගිනි අවි ඇතුළු අවි ආයුධ තොගය බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් විකිණීම සඳහා පාතාල නායක පොඩි ලැසීට ලබාදී තිබූ ඒවා බව විමර්ශනවලින් හෙළිව තිබේ.

මේ වනවිට බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ උප පොලිස් පරීක්‍ෂක උදාර චතුරංග ඇතුළු නිලධාරීන් පිරිස පොඩි ලැසී නමැති පාතාල නායකයා කාලයක් තිස්සේ ඇසුරු කරමින් රුපියල් කෝටි ගණනක් වටිනා හෙරොයින් හා ආයුධ ජාවාරමේ නිරත වී ඇති බව හෙළිව තිබේ.

පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙම ජාවාරමට සම්බන්ධ මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිස රුපියල් කෝටි 30 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ ග‍්‍රෑම් 30 කට අධික ප‍්‍රමාණයක් අලෙවි කිරීම සඳහා පොඩි ලැසී නමැති පාතාල නායකයා වෙත ලබාදී ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊයේ සොයාගනු ලැබුවේ එසේ අලෙවි කිරීම සඳහා ලබාදී තිබූ හෙරොයින්වලින් කොටසක් බව පොලිස් ආරංචි මාර්ග පවසති.

මෙම පාතාල නායකයා සතුව ඇති ඉතිරි හෙරොයින් තොගය ද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකෙරේ.

 මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ චෝදනා ලැබ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන්ගෙන් ලද තොරතුරු අනුව මෙම හෙරොයින් හා ආයුධ රත්ගම හා තෙල්වත්ත ප‍්‍රදේශවල සඟවා තිබියදී සොයා ගැනිණි. මෙහිදී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතර ඔ-56 අවි දෙකක්, පිස්තෝල දෙකක් හා ජීව උණ්ඩ තොගයක් ඇති බව පොලිසිය කියයි.

කම්කරු පනත් සංශෝධනයට

දැනට ක්‍රියාත්මක කම්කරු පනත් පහක් වහා සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල, පාරිතෝෂිත දීමනා පනත, පඩි පාලක සභා ආඥා පනත, සාප්පු හා කාර්යාල සේවක පනත, සේවක වන්දි ආඥා පනත මෙසේ සංශෝධනය කිරීමට නියමිතය.

සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කරමින් දායක මුදල් නොගෙවීමේ නඩු කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට බලය ලබාදෙනු ඇත.

පාරිතෝෂිත දීමනා ගෙවීම්වලට අදාළ නඩුව කම්කරු විනිශ්චය සභාවට යොමු කිරීමට ඉඩදෙමින් පාරිතෝෂිත දීමනා පනත සංශෝධනය කෙරේ.

කම්කරුවන්ට දැනට ගෙවන රුපියල් 5,50,500ක වන්දිය රුපියල් ලක්ෂ විස්ස දක්වා වැඩි කිරීම සහ එම වන්දි නඩු විභාග කිරීමේ බලය කම්කරු විනිශ්චය සභාවට පැවරීම සඳහා සේවක වන්දි ආඥා පනත සංශෝධනය කෙරේ.

කම්කරු නිලධාරීන් සමග ඇමැතිවරයා කම්කරු අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී මේ බව අනාවරණය විය.

සාරධර්ම පිරිහීම් වැඩියෙන් සිදුවන්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් අයගෙන්ය - අගමැති මහින්ද රාජපක්ෂ

රටේ සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින් බවත්, එනිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතු බවත් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථානයේ පැවැති 125 වැනි දහම් පාසල් දින සැමරුම් ජාතික මහෝත්සවය අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග‍්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

පාස්කු දින ප‍්‍රහාරය, ත‍්‍රස්තවාදී ගැටලූ ඇතුළු පසුගිය කාලයේ ඇති වූ රටේ විවිධ ප‍්‍රශ්න නැති කිරීමට දායකවන්නේ ආගමික අධ්‍යාපනයයි. කිසිදු ආගමක ප‍්‍රචණ්ඩත්වය උගන්වන්නේ නැහැ.

බෞද්ධ දහම පාසල් අප රට තුළ ආරම්භවීම සම්බන්ධයෙන් සන්තෝෂ වෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් අප රටට හඳුන්වා දුන් මිෂනාරි අධ්‍යාපන රටාව අප රටේ බෞද්ධ අධ්‍යාපනය විනාශවීමට බලපෑවා. බෞද්ධ දහම් පාසල් වැඩසටහන මෙරට ස්ථාපිත කිරීමේ උදාර වැඩසටහන ලෙස ගාල්ල වැලිවත්ත ශ‍්‍රී විජයානන්ද දහම් පාසල 1895 අගෝස්තු මස 03 දින ආරම්භ වුණා. එසේ ආරම්භ වූ දහම් පාසල් සඳහා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ දහම් පාසල් පෙළ පොත් ලබාදීම සිදු කළා. 1956 වර්ෂයේ බෞද්ධාගම සඳහා විශේෂ තැනක් ලැබුණා.

ලංකාවේ දරුවන් ලක්ෂ 22ක් 23ක් දහම් පාසල් අධ්‍යාපනය ලබනවා. ඒ පිළිබඳව එක්තරා විදිහක ආඩමබර වෙන්න පුළුවන්. සාරධර්මයෙන් පිරිපුන් දරුවන් පිරිසක් රටට දායාද කිරීම සඳහා දහම් පාසල් පද්ධතිය අප රටේ පවත්වාගෙන යාම පිණිස ගරුතර මහා සංඝරත්නයත්, ගිහි දහම් පාසල් ගුරු පිරිසත් කරන කැපවීම අප අගය කොට සැළකිය යුතුයි. කිසිදු වේතනයක් නොලබා ගරුතර මහා සංඝරත්නය ප‍්‍රමුඛ දහම් පාසල් ගුරුවරුන් ඉටු කරනු ලබන කැප කිරීම අපි අගය කළ යුතුයි.

ගෞරවනීය භික්ෂූන් වහන්සේලා විසින් සිදු කරනු ලබන මෙම කර්තව්‍ය අගය කරන්නේ නැත්නම් එය අඩුවක්. වර්තමානයේ අප රටේ උද්ගතව ඇති වැඩි ප‍්‍රමාණයක් සාරධර්ම පිරිහීම් පවතින්නේ දහම් පාසල් අධ්‍යාපනය නොලත් පිරිස් වෙතින්. ඒ නිසා දහම් පාසල් අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. අපේ දරුවන්ගෙන් දහම් පාසල් යන ප‍්‍රමාණය බැලූවාම විශාල දරු පරපුරක් බෞද්ධ අධ්‍යාපනය ලබන්නේ නෑ. සතියකට විනාඩි 30 ක් හෝ 45 ක් බුද්ධාගම ඉගැන්නුවා කියා අපි සතුටු වෙනවානම් එය වරදක්.

දරුවන් දහම් පාසල් තුළට යොමු කිරීම මඟින් ගුණගරුක දරුවන් පිරිසක් අප රටට දායාද කළ හැකියි. මේ පිළිබඳ සිතිය යුතු අවශ්‍ය යුගය අද එළඹිලා තියෙනවා. දහම් පාසල් පද්ධතිය තවදුරටත් ශක්තිමත්ව හා විදිමත් ක‍්‍රමවේද සහිත පරිපාලනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යාමට මේ වනවිට දහම් පාසල් විෂය, අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පත්කර ඇති අතර, ඒ සඳහා අමාත්‍යවරයෙකු ද පත් කරලා තියෙනවා. එය දහම් පාසල අප රජය යටතේ ඉදිරියට ගෙන යාමේ පියවරක්.

රටේ ඉදිරි සෑම අවස්ථාවකදීම ගරුතර මහා සංඝරත්නයේ අවවාද හා අනුශාසනා මධ්‍යයේ සිදු කිරීමට අපි කටයුතු කරනවා. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී එය පැහැදිලව ප‍්‍රකාශ කළා. අපි දහම් අධ්‍යාපනය දරුවන්ට ලබාදීමට කටයුතු කරනවා. ඒ තුළින් දහම් අධ්‍යාපනය පමණක් නෙමෙයි විනය ගරුක දරුවන් පිරිසක් බිහි කිරීම අපේ යුතුකමක්.බෞද්ධ අධ්‍යාපනය පමණක් නෙමෙයි අන් ආගම්වල දරුවන් ද ඔවුන්ගේ ධර්මය ඉගෙනීම සඳහා සහයෝගය ලබා දෙමින් කටයුතු කරනවා. ඇතැම් ආගම්වල ධර්මය පමණක් ඉගැන්වීම් කරනවා.

ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නායක ස්වාමීන් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ සභාපති අති පූජ්‍ය ගන්තුනේ අස්සජී මහනායක මාහිමිපාණන් වහන්සේ, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත නායක ස්වාමීන් වහන්සේ, සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති මහාචාර්ය පූජ්‍ය තුඹුල්ලේ සීලක්ඛන්ධ නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාව සඳහා වැඩම කළ වදාළහ.
 වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, දහම් පාසල්, පිරිවෙන් භික්ෂු අධ්‍යාපන හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී. වී. චානක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති, දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ හා බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් දේශබන්ධු මහාචාර්ය කපිල ගුණවර්ධන යන මහත්වරුද දකුණු පළාත් ලේකම් හා දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, දහම් පාසල් ගුරුභවතුන් හා දුවා දරුවන් මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.

Source : Divaina.com

ලක්ෂ 30ක බඩුත් සමඟ ‘කුඩු ලොක්කියක්’ අල්ලයි

වැලිකඩ බන්ධනාගාරයේ සිටත් ඕමානයේ සිටත් මෙහෙයවන බව කියන මත්කුඩු ජාලයකට සම්බන්ධ කාන්තාවක් ඇතුළු සිවුදෙනකු ලක්ෂ 30කට අධික හෙරොයින්  සමඟ කලපළුවාව හා මාලඹේ ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. 

මත්කුඩු ග්‍රෑම් 170ක්, ජංගම දුරකථන 6ක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

ඕමානයේ වෙසෙන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියගේ කුඩු ජාවාරම් කරන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී 21 දින කිසියම් බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් තැන්පත් කළ රිසිට් පතක් ද තිබී හමුවී ඇත. 

සැකකරු 21දා මාලබේ ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් බවත් සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 20කට අධික හොරොයින් තොගයක් සමඟ 20දා කලපළුවාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය කියයි.

සැකකාරිය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත කලපළුවාවේ ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඇයගේ අත්බෑගයේ චොකලට් විස්කෝතු පෙට්ටියක් තුළ හෙරොයින් ග්‍රෑම් 101ක ප්‍රමාණයක් අසුරා තිබූ බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇය සතුව රුපියල් 30,000ක මුදලක් ද තිබූ බව පොලිසිය කියයි.  

සැකකාරියගේ සැමියා වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ සිටින බවත් ඔහු දුරකථනයෙන් ලබාදෙන ඇණවුම් අනුව සැකකාරිය අදාළ ස්ථානවලට හොරෙයින්  බෙදා හරින බවත් එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. 

අත්අඩංගුවට ගත් සැකකාරිය බොරැල්ල මැගසින් පාරේ පදිංචි තිස් එක් හැවිරිදි කාන්තාවකි. හෙරොයින් බෙදාහැරීම සඳහා ඇය විසින් යොදාගනු ලබන මෝටර් රථයක්ද පොලිසිය භාරයට ගෙන ඇත. 

හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් මීට පෙර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති සැකකාරිය එම නඩුව සම්බන්ධයෙන් ඇප මත සිටින බවද පොලිසිය කියයි. 

මේ අතර ත්‍රිරෝද රථයකින් හෙරොයින්  ජාවාරමේ නිරතව සිටි අනෙක් සැකකරු  හොරොයින් ග්‍රෑම් 30ක් සමඟ 21දා පෙරවරුවේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු මාලඹේ ප්‍රදේශයේ බැංකුවකින් පුද්ගලයකුගේ  ගිණුමකට රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් බැංකු ගත කළ රිසිට්පතක් තිබී ඇත. හොරෙයින් ජාවාරමෙන් උපයා ගන්නා මුදල මොහු කිසියම් ජාවාරම්කරුවකුගේ  ගිණුමකට තැන්පත් කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී දැනට ඕමානයේ වෙසෙන මුතු නමැති කාන්තාවගේ හෙරොයින් යොදාගෙන ජාවාරම් කරන බවට තොරතුරු හෙළි වූ බවද පොලිසිය පවසයි. 

වැලිකඩ බන්ධනාගාර කැරැල්ලේදී ඝාතනයට  ලක් වූ ‘කළු තුෂාර’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ කල්ලිය සමඟද මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය කියයි. 

මෙම බැංකු ගිණුම් සහ හෙරොයින්  ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් කරුණු හෙළි කර ගැනීම සඳහා සැකකරු සහ සැකකාරිය රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යයි. 

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ බස්නාහිර-දකුණ නියෝජ්‍ය පොලිස්පති මහතා යටතේ නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, සහකාර පොලිස් අධිකාරි මාලන් පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් මත තලංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද දිල්රුක් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂක ප්‍රියංකර, කොස්තාපල්වරුන් වන දයාවංශ (68571), මුණසිංහ (81624), චාමික (82071), කුමාර (84768), කුමාර (91392), සෙනවිරත්න (93404), පොලිස් කොස්තාපල්වරියන් වන  සිල්වා (11025),  කල්පනී (10755) යන මහත්ම මහත්මීහු වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.

Source : Mawbima News paper

සහරාන්ගේ ඥාතීන් සැලැසුම් කළ මරාගෙන මැරෙන ප්‍රහාර මාලාවක තොරතුරු හෙළිවුණා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාර මාලාව සිදුකළ ත්‍රස්තයන්ගේ සමීපතම ඥාතීන් වන පිරිමි පුද්ගලයන් 11ක් සහ කාන්තාවන් 6ක් එක්ව පාස්කු ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට තුළ මරාගෙන මැරෙන දෙවැනි ප්‍රහාර මාලාවක්  සැලැසුම් කර තිබූ බවට එවකට රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු ලැබී තිබුණු බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පාස්කු ප්‍රහාර මාලාව විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (24දා) පැවැසීය.

අදාළ පිරිස හමුදා ඇ¾දුමින් සැරසී වෑන් රථ යොදාගෙන එම ප්‍රහාරය දියත් කිරීමට බලාපොරොත්තු වන බවට තොරතුරු ලැබුණු බවත් මඩකළපුව ප්‍රදේශය ඇතුළු ස්ථාන 05ක් ඉලක්ක කර එම ප්‍රහාර එල්ල විය හැකි බවත් එම ප්‍රහාර එල්ල වීමෙන් පසුව එම ස්ථානයට පැමිණෙන පුද්ගලයන් ඉලක්ක කරගෙන තවත් ප්‍රහාර එල්ල විය හැකි බවත් අදාළ බුද්ධි තොරතුරේ අන්තර්ගත වී තිබුණු බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.

එමෙන්ම අදාළ බුද්ධි තොරතුර මඟින් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය, දිවයින පුරා පිහිටි රෝහල්, සාප්පු සංකීර්ණ, සුපිරි වෙළෙඳසල් සහ  පොලිස් ස්ථාන ඉලක්ක වී ඇති බවට තොරතුරු අනාවරණය කර තිබූ බවත් සාක්ෂිකරු 17 වැනි දිනටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කීය.

එම තොරතුරු මත පදනම් වී රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ විමර්ශනවලදී මාතලේ ප්‍රදේශයේ ජීවත් වූ සහරාන් හෂීම්ගේ ප්‍රබල අනුගාමිකයකු වූ මොහොමඩ් සහරාන් ෆස්ලූර් රහුමාන් නමැති පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් බවත් වැඩිදුර සොයාබැලීම්වලදී එම පුද්ගලයා පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරයේ වගකීම ඉස්ලාම් රාජ්‍ය සංවිධානය භාරගැනීමේ සිදුවීමට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ පුද්ගලයා බවට අනාවරණය වූ බවත් ඔහු කොමිසම හමුවේ සඳහන් කළේය.

මේ අනුව දෙවැනි ප්‍රහාරයක් වළක්වාගැනීම සඳහා පෙර කී ප්‍රහාර සැලැසුම් පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින්, ඊට අදාළව සිදුකළ විමර්ශනවල කරුණුද ඇතුළත් කර විශේෂ වාර්තාවක් සැකසීමට තමා එවකට කටයුතු කළ බවත් සහරාන් හෂීම් මියගියද ඔහුගේ ජාලය ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවැති බවට දිගින් දිගටම තොරතුරු අනාවරණය වූ බැවින්  එම ජාලය අක්‍රිය කිරීම මෙහි ප්‍රමුඛ අරමුණ වූ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ කීය.

ඒ අනුව පසුගිය වසරේ අප්‍රේල් 24 වැනිදා එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත පෙර කී එම විශේෂ වාර්තාව යොමු කිරීමට තමන් පියවර ගත් බවත් පැවැසූ සාක්ෂිකරු මීට සමගාමීව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ගද කඩිනමින් ගන්නා මෙන් එම වාර්තාවේම ඇතුළත් කර තිබූ බවත් කීය.

එමෙන්ම මීට සමගාමීව ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ඉදිරියේදී ශ්‍රී  ලංකාව තුළ එල්ල කළ හැකි බවට විශ්වාස කළ ප්‍රහාර පිළිබඳව තොරතුරු සහ ඉස්ලාම් ත්‍රස්තවාදයේ මෙරට ව්‍යාප්තිය පිළිබඳ බුද්ධි අංශ අනාවරණය කරගත් තොරතුරු මෙන්ම ජලාල් කිටාල් හෙවත් රිල්වාන් හෂීම් පිළිබඳවද තොරතුරු ඇතුළත් කර සකස් කරන ලද විශේෂ ලිපියක් එදිනම ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන් වෙත යොමුකිරීමට කටයුතු කළ බවත් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂවරයා කොමිසම හමුවේ කීය.

එමෙන්ම පෙර කී ලිපි දෙකම රාජ්‍ය බුද්ධි සේවය විසින් අදාළ නිලධාරීන්ට අමතරව ආරක්ෂක අමාත්‍යාංශයට, පොලිස්පතිවරයාට, ජාතික බුද්ධි ප්‍රධානිට මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිට යොමු කිරීමට ඔහු කටයුතු කළ බවත් සාක්ෂිකරු පැවැසීය.

මෙහිදී කොමිසමේ සාමාජිකයන් විසින් සාක්ෂිකරුගෙන් පෙරළා විමසීමක් කළේ රාජ්‍ය  බුද්ධි සේවය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිවරයාටත් තොරතුරු දීමට බැඳී සිටිනවාද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවැසුවේ 2019 අප්‍රේල් 22 වැනිදා පැවැති ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවය විසින් යොමු කරන වාර්තා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි වෙතද යොමු කරන ලෙස තමන්ට දැනුම් දී තිබූ බවයි.

එහිදී අදාළ ජාතික ආරක්ෂක කවුන්සිල රැස්වීමට සහභාගි වූයේ කවුද යන්න අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අතර ඊට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, එවක ජනාධිපති ලේකම්වරයා වැනි අය ඊට සහභාගි වූ  බව සාක්ෂිකරු පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන අදාළ රැස්වීමට සහභාගි වූ බවක් තම මතකයේ නොමැති බවත් කොමිසම හමුවේ සඳහන් කළ සාක්ෂිකරු සුවිශේෂී සිදුවීමක් ලෙසින් ඒ වනවිටත් 2018 ඔක්තෝබර් මාසයෙන් පසුව ජාතික ආරක්ෂක කවුන්සිලයට සහභාගි නොවූ එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර එදින එම රැස්වීමට සහභාගි වී සිටීම තමාට විශේෂයෙන්ම මතක බවත් පැවැසීය. 

එමෙන්ම මීට අමතරව යම්කිසි කණ්ඩායමක් මුස්ලිම් පල්ලි ඉලක්ක කරගෙන ප්‍රහාරයක් දියත් කිරීමේ හැකියාවක් පැවැති බැවින් ඒ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා මෙන් දන්වා එවකට හිටපු පොලිස්පතිවරයාගේ මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් උසස් පොලිස් නිලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ සාක්ෂිකරු එම ලිපියේ අන්තර්ගතය මඟින් එවැනි ප්‍රහාරයක අවදානම පිළිබඳව මවුලවිවරුන් හමුවී පෞද්ගලිකව ඔවුන් දැනුවත් කරන ලෙසට පොලිස්පතිවරයා විසින් පොලිස් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන බවද ලිපිය කොමිසම හමුවේ කියවමින් සාක්ෂිකරු සඳහන් කළේය.

එමෙන්ම සිය සාක්ෂි දීම අතරතුර රාජ්‍ය බුද්ධි සේවය විසින් ආගමික අන්තවාදය පිළිබඳව විවිධ ආයතනවලට යොමු කළ තොරතුරු සම්බන්ධයෙන් තමන් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ කාලය තුළ කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බවද පැවැසූ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා අවස්ථා ගණනාවකදී රාජ්‍ය බුද්ධි සේවය විසින් නැඟෙනහිර පළාතේ වර්ධනය වෙමින් තිබූ අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබඳව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, ජාතික ආරක්ෂක කවුන්සිලය සහ පොලිසිය වැනි විවිධ ආයතනවලට තොරතුරු වාර්තා කර තිබුණද ඔවුන් කිසිවෙක් ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගයක් ගැන තමාට වාර්තා නොවූ බවත් එය කනගාටුවට කරුණක් බවත් කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම පාස්කු ඉරිදා දින බෝම්බ ප්‍රහාරවලින් පසු දිනක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තමා අමතා අන්තවාදී කටයුතු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය දැනුවත්ව සිටියේද? නැද්ද? යන්න තමන්ගෙන් ප්‍රශ්න කළ බවත් ඒ වනවිටත් සියල්ල සිදුවී අවසන්ව තිබූ බවත් ඔහු කොමිසම හමුවේ සංවේදී වෙමින් පැවැසීය.

පාස්කු දින ප්‍රහාර මාලාවෙන් පසුව සියලු පාර්ශ්වයන් බුද්ධි තොරතුරු නිසි ලෙස හුවමාරු කර නොගත් බව පවසමින් රාජ්‍ය බුද්ධි සේවය විවේචනය කළද, රාජ්‍ය බුද්ධි සේවය සිය කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ බවත් වැඩිදුරටත් කොමිසම හමුවේ සාක්ෂි දෙමින් හිටපු රාජ්‍ය  බුද්ධි අධ්‍යක්ෂවරයා කීය.


උපුටා ගැනීම මව්බිම පුවත්පතිනි.

Salani Jayawardana Photoshoot

නිරූපණ ශිල්පිනී ශලනි ජයවර්ධනගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 

Model : Salani Jayawardana
Photography - Githendra Liyanage


Oshaka Gayani Photo Collection

නිරූපණ ශිල්පිනී ඔසාකා ගයනිගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න.


Model : Oshaka Gayani 
Photography: Imesh Nuwandaka Photography


Glamour of Madhu

Model - Madhu Kulathunga 

Photography - Saman Nawarathne - Senston Art Studio 



Singer Deepal Silva passes away

පොඩි ළමයා යන්නම යයි

ප්‍රසංග වේදිකාවේ විශේෂ දස්කම් දැක්වූ ජනප්‍රිය ගායන ශිල්පී දීපාල් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මියයන විට 50 වන වියේ පසු වූ ඒ මහතා පසුගිය කාලයේ රෝගාතුරව කාලය ගත කර ති බෙනවා. 

Chat with Mayanthi Palika Jayawardena

කැමරාව ඉදිරියේ අඩනිරුවත් චරිතයක් කරන කෙනා සැබෑ ජීවිතයේ එවැනි කෙනෙක් නෙවෙයි - පාලිකා

රූපවාහිනී නිවේදිකාවක් ලෙස ඔබගේ ආලින්දයට පැමිණ මේ වන විට එම ගමන් මග වෙනස් කරමින් නිරූපණ ක්ෂේත්‍රයට ප්‍රවිශ්ඨ වී සිටින නැගී එන නිරූපණ ශිල්පිනියක් වන මයන්ති පාලිකා කරුණානායක ජයවර්ධන සමගිනුයි සිරසගොසිප් අපි මෙවර කතා බහ කළේ. මේ මයන්ති සමග කළ සම්පූර්ණ කතාබහයි. 

නම : - මයන්ති පාලිකා කරුණානායක ජයවර්ධන
උපන් දිනය :-  මාර්තු 09
පාසල : කොළඹ යශෝදර බාලිකා විද්‍යාලය
ගම : ගොඩගම

මොකක්ද මේ බල්ලොත් එක්ක  හිතවත් කතාව?
මෙහෙමයි... මම විනෝදාංශයක් විදිහට මම කරන්නේ බල්ලෝ හදන එකයි එයාලාට කන්න දෙන එකයි. මම සතුන්ට මාර ආදරෙයි.

ක්ෂේත්‍රයට එන්නේ කොහොමද? දැන් කොච්චර කලක් වෙනවාද මේ ක්ෂේත්‍රයට ඇවිත්?
කලින් මම රූපවාහිනී නිවේදිකාවක් විදිහට වැඩ කළා. ඒකෙන් පස්සේ තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. තාම කෙටි කාලයයි නිරූපණ ක්ෂේත්‍රයට ඇවිත්. 


එතකොට රංගනයට එක්වෙන්නේ.
මුලින්ම රංගනයට ආවේ ප්‍රසාද් අබේකෝන්ගේ මන්දාකිණිය කියන මියුසික් වීඩියෝ එක හරහා. ඒකට සම්බන්ධ වුණේ ප්‍රභාත් රණවීර කියන මගේ යාළුවා හරහා. 

මෝස්තර නිරූපණ/රංගන ක්ෂේත්‍රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද? 
ඇත්තටම හීනයක් නොතිබුණාම නෙවේ. කොහොමත් මම කලාව කියන දේට පොඩි කාලේ ඉඳලම ලැදියි. ඉස්කෝලේ වුණත් බාහිර දේවල් ගොඩකට ඉදිරිපත් වුණා. 

උදව් කරපු අය ගැන සිහිපත් කළොත්....
ඇත්තටම නිරූපණ ශිල්පිනියක් විදිහට ඉස්සරහට එන්න මුලින්ම උදව් කළේ ඉමේෂ් නුවන්දක. හැමෝගේම නම් කියන්න බැරි වෙන එකට සමාවෙන්න ඕන. ගොඩක් අය අදටත් උදව් කරනවා. 

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
සීමාවන් කියන දේ එන්නේ අපේ හිතෙන්. නමුත් අපි වෘත්තියක් කරනවා නම් ඒකට සාධාරණයක් කරන්න ඕනි. 

ඔබට කිසියම් අවස්ථාවකට යෝජනා කෙරුණොත් අඩනිරුවත් නිරූපණයකට... එවැනි අවස්ථාවක ඔබ ගන්නා තීරණය කුමන ආකාරයේ එකක් වෙයිද?
ඒක ඉතින් හම්බවෙන චරිතය මත තීරණය වෙයි. මොකද රඟපෑමක් කියන්නේ වටිනා දෙයක්. අපි දැනගන්න ඕනි රඟපෑමක් කරන විට ඒකේ උපරිමය කරන්න. ඉතින් හොඳ පණිවිඩයක් සමාජයට දෙන්න පුළුවන් නම් අපි ඒක කළාට කමක් නෑ. රඟපෑමයි පුද්ගලික ජීවිතයයි වෙන් කරලා තිබ්බම හරි. කැමරාවක් ඉස්සරහ අඩනිරුවත් චරිතයක් කළා කියලා ඒ කෙනා හැබෑ ජීවිතේදී එහෙම කෙනෙක් වෙන්නේ නෑ. 

මොනද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
ඉදිරියේදී වැඩ කිහිපයක් බාර අරන් කරන්න තියෙනවා. ගීත නිර්මාණ, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් කිහිපයක්... ඒ වගේ දේවල්...

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
ඇත්තටම ගොඩක් සතුටුයි. තව ලොකු ගමණක් යන්න බලාපොරොත්තු වෙනවා. අමාරුයි තමයි. නමුත් උත්සාහය අත්හරින්නේ නැහැ. 

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 
රංගනයේදී/මෝස්තර නිරූපණයේ දකින්න අකමැතිම දේ කුමක්ද?
මම දකින්න අකමැතිම දේ තමයි එහෙට මෙහෙට දේවල් කියන එක. අපි මොනා හරි දෙයක් කරන්නේ කනෙකේ එක්ක විශ්වාසේට. නමුත් පස්සේ ඒ කෙනා ඒක වැරදි විදිහට තැන් තැන්වල ගිහින් කියනවා නම් ඒක මාර අසාධාරණයි. මට ඒවා පෙන්නන්න බෑ. මම කොහොමත් කෙළින් කතා කරන කෙළින් වැඩ කරන කෙනෙක්. ඒ හින්දා ඒ වගේ දේවල් වලදි මට මාර විදිහට තරහ එනවා.

ආදරය ගැන මොකද හිතන්නේ....?
ආදරය කියන්නේ බොහෝම සුන්දර අත්දැකීමක්. 

දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
නෑ... දැනට මම නිදහසේ ඉන්න කෙනෙක්. 

ඔබට පාසල් ප්‍රේමයේ අත්දැකීම් කෙසේද?
අම්මෝ... පාසල් ප්‍රේමේ ගැන නම් අත්දැකීම් ගොඩක් තියෙනවා. කෙටි කාලීන ඒවා තමයි. හරි සුන්දරයි.

දැන් ගොඩක් අය සමාජ සත්කාර කරනවා. ෆේස්බුක් සමාජ ජාලය හරහාත් මුදල් එකතු කරමින් එවැනි දේවල් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක්ද?
ඒක හොඳ දෙයක්. සමාජ සේවය කියන්නේ ඉතින් මොන විදිහට කළත් හොඳ දෙයක්. නමුත් ඒක නමින් අයුතු දේවල් කරනවා නම් ඒක වැරැද්දක්. 

දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
දේශපාලනය කියන්නේ රටක් පාලනය කිරීමට අපි හදාගත්ත දෙයක්. නමුත් දේශපාලනය නිවැරදිව කරන අය අඩුයි. 










මයන්තිගේ තවත් ඡායාරූප එකතුවක් පහතින් බලන්න


Madhu Liyanage New Photoshoot

මධු අලුතින් ගනිපුවා

නිරූපණ ශිල්පිනී මධු ලියනගේ ගේ නවතම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 

MODEL : Madhu Liyanage 

Photography : Imesh Nuwandaka Photography




Gossip Chat with Disni Senevirathna

නංගි තනියම එන්න - මං ආසම නැති වචනක්

මෝස්තර නිරූපණය, රංගනය යන අංශ දෙකෙන්ම දක්ෂතා දක්වන නවක ශිල්පිනියක් තමයි අද අපි සමග කතා බහට එක්වුණේ. ඇය නමින් දිස්නි සෙනවිරත්න. මේ ඇය සමග අප කළ කතාබහයි. 

මුලින්ම ඔයාගේ නම ගම වයස එහෙම කියලා පටන් ගමු නේද?

ඔව් ඒක හොඳයි. මගේ නම ඩිස්නි සෙනෙවිරත්න. දැන් මට අවුරුදු 22ක් වෙනවා. මතුගම තමයි මගේ ගම ඒත් පොඩි කාලේ ඉඳන්ම මම හැදුනේ කොට්ටාවේ... 

දිස්නි කියන්නේ මොන වගේ කෙනෙක්ද?
මං ගොඩක් සරල, නිශ්ශබ්ද කෙනෙක්. 

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද? 
මුල් කාලයේදී නම් මගේ කැමැත්ත තිබුණේ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න. ඒත් ඉතින් කාලයත් එක්ක මම මෝස්තර නිරූපණයට යොමු වුණා. ඒ 2015 අවුරුද්දේ බියුටි පැජන්ට් එකකින් 1st Runner Up වුණාට පස්සේ. 

ඉස්සරහට යන්න උදව් කළේ කවුද?
නික් ජයමහ සර්ගෙන් මම මූලික හැදෑරීම් කළා. බ්‍රයන් ක්රොකෝවන් ගෙනුත් මම ඉගෙන ගෙන තියෙනවා. 
ඉදිරියට ආවේ මගේ හැකියාවෙන්. මගේ පිටුපසින් නිරන්තරයෙන්ම හිටියේ ප්‍රසාන් අයියා. මම යන හැම තැනකදීම මාව ආරක්ෂා කරා. දෙමව්පියනුත් මට උදව් කළා. 

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මම මගේ ජීවිතේ හොඳම දේවල් විතරයි තෝරගන්නේ. නිරූපණයේදීත් මට ගැලපෙනම දේ විතරයි මම කරන්නේ. 

මොනද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
මගේම කියලා ව්‍යාපාරයක් තමයි ඉතින්. 

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
ලංකාවේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය ගත්තොත් සුදුසුකම් තියෙන, ඉගෙන ගෙන තැනකට ආපු අය ටික දෙනයි ඉන්නේ. ලස්සන විතරක් පාවිච්චි කරලා ඉස්සරහට ආපු අය තමයි වැඩිපුර ඉන්නේ. අවාසනාවකට ඒක තේරුම් ගත්ත ප්‍රවිණයෝ ඉන්නේ අතලොස්සයි. 

රඟපාන්න එහෙම කැමැති නැද්ද?
මම කලාවට සම්බන්ධ වෙන්නේ රංගනය හරහා. සුරේෂ් කුමාරසිංහ සහ රාජ් රණසිංහ යන මහත්වරුන්ගේ චිත්‍රපටවලට රංගනයෙන් දායක වී තිබෙනවා. 

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 
මේ ආපු දුර ගැන සතුටක් තියෙනවා. හොඳම පිරිසක් එක්කයි මම වැඩ කළේ. ඉදිරියටත් එහෙමයි. 

රංගනයේදී/මෝස්තර නිරූපණයේ දකින්න අකමැතිම දේ කුමක්ද?
ඒ දෙඅංශයේම අකමැතිම දේ තමයි "නංගි තනියම එන්න කියන එක"  ප්‍රවීණයෝ එහෙම කියන්නේ නෑ කවදාවත්ම. එයාලට ඕන අපේ ටැලන්ට් විතරයි.

ආදරය ගැන මොකද හිතන්නේ....?
දැන්ම ඒ ගැන මම  හිතන්නෙ නැහැ. 

දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
නැහැ... දැනට මම ආදරවන්තියක් නෙවෙයි. 

දැන් ගොඩක් අය සමාජ සත්කාර කරනවා. ෆේස්බුක් සමාජ ජාලය හරහාත් මුදල් එකතු කරමින් එවැනි දේවල් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක්ද?
ලොකු ප්‍රශ්න යනවා මමත් දැකලා තියෙනවා. පුද්ගලිකව මම ඒ කිසිදේකට අකමැත්තක් නැහැ. හොඳක් කරනවා නම් කාට හරි. වංචාත් වෙනවා ඒ අතර. දෙයක් නිකන් කරන්න පුරුද්දක් නැහැනේ ඉතින් අපේ මිනිස්සුන්ට. සාක්කුවටත් ගානක් ඕනිනේ. 

දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
වැඩක්ම නැති මාතෘකාවක්. රැවටීම් ගොඩක්. පුද්ගලිකව මම කතා කරන්න කැමැතිම නෑ ඒ ගැන. 


දිස්නි රංගනයෙන් එක්වූ චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් සහ ඇයගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 































Thushi Wehella New Photoshoot

තුෂීගේ අලුත්ම ටිකක්


නිරූපණ ශිල්පිනී තුෂී වේහැල්ලගේ ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. මෙම ඡායාරූවල හිමිකම ඡායාරූප ශිල්පී මධුර චින්තක සතු වේ. 

Model : Thushi Wehella

Photographer : Madhura Chinthana





Gossip Chat with Samadhi Wandana

සමාජ ජාල හරහා කරන සමාජ සත්කාර දැන් බිස්නස් එකක් වෙලා - සමාධි

අද අපගේ සිරසගොසිප් කතාබහට එක්වන්නේ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට මෙන්ම රංගන ක්ෂේත්‍රය සිතාවක පුරවරයෙන් පායන නවක තාරකාවියක් වන සමාධි වන්දනා සමගින්. මේ සිරසගොසිප් අප ඇය සමග සිදු කළ සාකච්ඡාවයි.

ඔයා ගැන විස්තර ටිකක් කියලාම අපි පටන් ගමුද? නම ගම වයස සහ විනෝදාංශය එහෙම.
මගේ නම සමාධි වන්දනා කුමාරිකා කොතලාවල. දැනට මට අවුරුදු 21 වෙනවා. මං ඉන්නේ අවිස්සාවේල්ලේ. මගේ විනෝදාංශ තමයි සිංදු ඇසීම, ලිපි ලිවීම, ඡායාරූපකරණය වැනි දේවල්. 

මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද? 
මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එකතු වීමට නම් පොඩි කාලේ මට ආශාවක් තිබුණේ නැහැ. ඒත් රංගන ශිල්පිනියක් වෙන්න නම් මගේ හිතේ ලොකු ආශාවක් තිබුණා, පොඩි කාලේ ඉඳන්ම. මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට එක්වීමට ආසාවක් ඇති වුණේ මේ ළඟකදී තමයි. 

උදව් කරන සහ උදව් කරපු අය ගැන සඳහන් කළොත්...
නිරූපිකාවක් විදිහට ඉදිරියට යන්න මට ගොඩක් උදව් කළේ ගිතේන්ද්‍ර ලියනගේ අයියා තමයි.  ඒ වගේම රොෂාන් ජයකොඩිආරච්චිත් විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. 

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මොඩලින්වලදී මට සුදුසුයි කියලා හිතෙන දේ විතරයි මං කරන්නේ. විශේෂ සීමාවක් නැහැ. මට ගැලපෙනවා කියලා හිතෙනවා නම් ඒ දේ කරනවා. 

මොනද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. 
මං ජනසන්නිවේදන අංශයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වාගේම මියුසික් වීඩියෝස්, ටෙලි නාට්‍ය, චිත්‍රපටවලට රංගනයෙන් දායකත්වය ලබාදීමටත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මට පුළුවන් උපරිමයෙන් කලා ක්ෂේත්‍රයට උදව් කිරීම තමයි මගේ බලාපොරොත්තුව. 

ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ. 
ලංකාවේ මෝස්තර නිරූපණය නම් ඉහළ මට්ටමක තියෙනවා. ඒත් ඒ ක්ෂේත්‍රයට යොමුවන පිරිස අඩුයි. මේ ක්ෂේත්‍රයේ නිවැරදි ආකාරයෙන් කරනවා නම් ගොඩක් ඉදිරියට යන්න පුළුවන් කියලා මං  හිතනවා. ඒත් ඉතින් මොඩලින් කරනවා කිව්වා සමහරු නම් බලන්නේ මහ අමුතු විදිහකට. ඒත් මොඩලින් කියන්නේ කලාවට සම්බන්ධ දෙයක් තමයි. 

රඟපාන්න එහෙම කැමැති නැද්ද?
මං මුලින් කිව්වා වගේ මං ගොඩක්ම කැමැති රංගනයට. අපේ පවුල කලාවත් එක්ක ගොඩක් සම්බන්ධයි. එයාලා දැනටත් ඒ ක්ෂේත්‍රයේ ඉන්න අය. 
මේ වන විට රංගනයට ගොඩක් ආරාධනා ලැබිලා තියෙනවා මට. දැනට අලුතින් එන්න තියෙන ශ්‍රීපාලි හෙට්ටිආරච්චි මහතාගේ චිත්‍රපටයකට මං රංගනයෙන් දායක වෙලා තියෙනවා. ඉදිරියේදී තවත් චිත්‍රපට, ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකවීමට බලාපොරොත්තු වනවා. 

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ... 
මං ළඟදි තමයි මේ ෆීල්ඩ් එකට ආවේ. ඒ ආපු කාලයත් එක්ක බලපුවහම අද මං ගොඩක් අඩුපාඩු හදාගෙන තියෙනවා. මං ෆීල්ඩ් එකේ අලුත් කෙනෙක්. මට සතුටුයි ඒ ටික කාලෙට ක්ෂේත්‍රයේ ගොඩක් දුර ආවා මම. 

මෙම ක්ෂේත්‍රවලදී දකින්න අකමැතිම දේ කුමක්ද?
රංගනයේදි, නිරූපණ ක්ෂේත්‍රයේදී මං දකින්න අකමැතිම දේ තමයි තමන්ගේ තත්ත්වේ නම්බුව තියාගෙන ඉන්න ගොඩක් අය දන්නේ නැතිකම. 

ආදරය ගැන මොකද හිතන්නේ....?
ආදරය හරි පුදුම දෙයක්... ආදරේ ගැන කියන්න ගියොත් ගොඩක් දේවල් කියන්න තියෙනවා. ආදරය යකරන්න වයසක් ඕනි නැහැ. ආදරේ කියන දේ හැම කෙනෙක්ටම ඕනි. ආදරය සුන්දරයි. 

දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
ඔව්... මම ආදරවන්තියක්.


සමාජ ජාල  හරහා මුදල් එක්රැස් කරමින් සිදු කරන සමාජ සත්කාර ගැන මොකද හිතන්නේ.
සමාජ සේවා කරන එක හොඳයි. තමන්ට පුළුවන් විදිහට මිනිස්සුන්ට රටට සේවය කරන එක හොඳයි. ඒත් සමාජ ජාල හරහා මුදල් එකතු කරන එක දැන් බිස්නස් එකක් වගේ වෙලා. සමාජ ජාලවල ඡායාරූප දාලා ඒවායින් ප්‍රසිද්ධිය ලබාගන්න අය ඉන්නවා. සමාජයට සත්කාර කරන එක හොඳ දෙයක්. ඒත් සමාජ ජාල හරහා ඒ කටයුතු කරන එකට මං නම් කැමැති නැහැ. අද ඉන්න ගොඩක් අය කරන්නේ තමන්ගේ ප්‍රසිද්ධිය තමන්ගේ වාසියට තමයි සමාජ සත්කාරවලට උදව් වෙන්නේ. බොරු කියලා සල්ලි හොයා ගන්න එකට නම් මං  කැමැතිම නැහැ. 

දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
දේශපාලනයට නම් මං උනන්දුවක් නෑ. ඒ නිසා දේශපාලනය ගැන මගේ අදහසක් නෑ. 

සමාධිගේ ඡායාරූප එකතුවක් පහතින් බලන්න.


Rashmi Madugalla New Photoshoot

නිරූපණ ශිල්පිනී රශ්මි මඩුගල්ලගේ අලුත්ම ඡායාරූප එකතුවක් පහතින් නරඹන්න. 

Model : Rashmi Madugalla​ 

Photography​ : Imesh Nuwandaka Photography




ඔබ ඡායාරූප ශිල්පියෙක්ද? නිරූපණ ශිල්පියෙක්ද? ශිල්පිනියක්ද? එසේ නම් ඔබගේ මෝස්තර නිරූපණ ඡායාරූප හෝ ඔබගේ ඕනෑම ආකාරයක ඡායාරූප පෙළක් අපගේ වෙබ් අඩවියේ පළ කරවා ගැනීමට කැමැති නම් අපගේ ඊමේල් ලිපිනය වන sirasagossip@gmail.com වෙත සවිස්තරාත්මකව යොමු කරන්න. 


Gossip Chat With Isuru Gilshan



Photo ටිකක් ගහලා Facebook එකට දැම්මම හැමෝම  හිතන්නේ Modler කෙනෙක් කියලා

ඉසුරු ගිල්ෂාන්.... ඔහු මුලින්ම එකතු වෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයට... කෙසේ වෙතත් ඉන් නොනැවතී රංගනයටත් පය තැබීමට ඉසුරුට හැකි වෙනවා. ඒ අනුව ඉසුරු හැඳින්වීමට සුදුසුම වදන ලෙස අපි දකින්නේ නිරූපණයෙන් රංගනයට පිවිසි ඉසුරු කියල තමයි. මේ වන විට ටෙලිනාට්‍ය ගණනාවකට සිය රංගන දායකත්වය සපයා ඇති ඉසුරු දැන්වීම්, ගීත රූප රචනා ආදියටත් දායක වී සිටිනවා. එසේම ඉසුරු මෙම සියල්ල සිදු කරන්නේ කිසියම් වූ හැදෑරීමක් ඇතිව බවත් කිවයුතුමයි. රංගනයෙන් දීර්ඝ ගමනක් යාමට අදිටන් කරගෙන සිටින තාරුණයේ කඩවසම් චාරිතයක් වූ ඉසුරු ගිල්ෂාන් සමග සිරගොසිප් සිදු කළ සම්පූර්ණ සාකච්ඡාව පහතින් බලන්න. 



ඔයා ගැන විස්තර ටිකක් කියලාම අපි පටන් ගමුද? නම ගම වයස සහ විනෝදාංශය එහෙම.
මම ඉසුරු ගිල්ශාන් අබේකෝන්. උපන් ගම බද්දේගම. දැන් ඉන්නෙ නුගේගොඩ. වයස නම් ඉතින් නොකිව්ව කියල ප්‍රශ්නයක් නෑනේ. දැනට බ්‍රිටානියා ආයතනයේ රැකියාව කරගෙන යනවා. මේදිනවල රැකියාව, Modelling, රංගනය සියල්ලම සමබරව කරගෙන යනවා. විනෝදාංශ විදියට හැමදේම කරනව ඉතින්. විශේෂ කියල දේවල් නෑ.

මෝස්තර නිරූපණ ක්ෂේත්රයට එක්වීමට කුඩා කල සිට හීනයක් තිබුණද?

නෑ. කිසිම හීනයක්වත් ආසාවක් වත් තිබුණෙ නෑ. පොඩි කාලේ ඉඳලම ලොකු උනන්දුවක් තිබ්බෙ මලල ක්‍රීඩාවට සහ ක්‍රිකට් ක්‍රීඩාවට. ඒ පැත්තෙන් ඉස්සරහට යන්න තමයි try කරේ. අහම්බෙන් තමයි modelingවලට එන්න හම්බුණේ. 2011 දි තමයි මං Modelingවලට ආවෙ. හැබැයි අවස්ථාව නිකන් හම්බුණා කියල මම ඔහේ යන්නම් වාලෙ මගේ ගමන යන කෙනෙක් නෙවෙයි. මැණිකක් නිකන් හම්බුනා කියල ඔහේ අතේ තියාගන්න ඕන නෑනේ. ඔපමට්ටම් කරගත්තම තමයි මැණිකෙ උනත් වටිනකම වැඩිවෙන්නෙ. ඒ නිසා තමයි මම මේ ක්ෂේත්‍රයන් දෙකම ගැන විධිමත් ආකාරයේ අධ්‍යාපනයක් ලබාගෙන මගේ ගමන යන්නෙ.

මොඩල් කෙනෙක් විදිහට ඉස්සරහට යන්න උදව් කළේ කවුද?

මෙහෙමයි, මේ ගමන මම දැන් යන්නෙ තනියම උනාට මට පාර හදල දුන්නු පිරිසක් ඉන්නව. එයාල නිසයි අද මම මෙතන ඉන්නෙ. විශේෂයෙන්ම අම්මා තාත්තා ඇතුළු පවුලේ අය නිසයි අද මම මෙතන ඉන්නෙ. ඒ වගේම අසිත කුමාර, ආසිරි උපේන්ද්‍ර අයියා, ශශිකා ප්‍රසාදි, ප්‍රසාද් හේවාගම සර්, ඉමේශ් නුවන්දක, ප්‍රසන්න ප්‍රියදර්ශන, චාගි අක්කා, සමුද්‍ර සිත්රුවන් 
වගේ තව ගොඩාක් උදව් කරපු අය ඉන්නව. නම් ගොඩාරියක් මග ඇරුන. සමාවෙන්න ඕන ඒ ගැන. මගෙ Shoot කරපු හැම කෙනෙක්ව වගේම වචනෙකින් හරි හයියක් වුණු හැමෝම ආදරෙන් මතක් කරන්න ඕන. විශේෂයෙන්ම බද්දේගම ගා/ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ මගේ යාලුවො වගේම Facebook ඇතුලු හැම පැත්තකින්ම මං එක්ක ඉන්න යාලුවො හැමකෙනෙක්වම ආදරයෙන් මතක් කරන්න ඕන. එයාල නිසයි මම අද මෙතන ඉන්නෙ.

මොඩලින් කරද්දී ඔයාගේ සීමාවන් මොනවද?
මෙහෙමයි Model කෙනෙක් උනාම Designerගෙ Design එකක් Showcase කරන්න පුලුවන්වෙන්න ඕන. නමුත් ලංකාව ඇතුලෙ එහෙම වෙනව අඩුයි. මොකද ලංකාවෙ සංස්කෘතිය අංක 1. ඉතින් තමන්ට යන්න පුළුවන් සීමාව අඳුරගෙන තමයි මම වැඩ කරන්න කැමති.

මොනාද ඉදිරියේදී කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.
රංගනය සහ Modeling පැත්තෙන් තියෙන එකම බලාපොරොත්තුව තමයි ලැබෙන නිර්මාණ සියල්ලම සාර්තකව කරන එක. Modelling පැත්තෙන් සහ Acting පැත්තෙන් තව ටිකක් ඉගෙනගන්න ගමන් වෙනස් විදියෙ නිර්මාණ කරන්න Plan කරල තියෙනවා.


ශ්‍රී ලංකාවේ මොඩලින් ගැන මොනවද කියන්න තියෙන්නේ.

මේ වෙනකොට ලංකාව ඇතුලෙ ගොඩක් හොද නිර්මාණ සහ Modelsලා ගොඩක් දක්ෂ අය ඉන්නව. නමුත් තියෙන ගැටලුව තමයි ඔය Photoshoot කරන හැමෝම Modelsලාද කියන එක. අලුතෙන් ඇඳුමක් අරගත්තු ගමන් Photographer කෙනෙක් ට කතා කරල Photos ටිකක් ගහල මම Model කෙනෙක් කියල කියනව සමහර අය. එහෙම උනාට පස්සෙ වෙන්නෙ Professional Modelsලාත් එයාලගෙ තත්ත්වෙටම වැටෙනව. මොකද සාමාන්‍ය මිනිස්සු හිතන්නෙ මේ හැමෝම Modelsලා එකයි කියල. අනික ලංකාවෙ Modelling කියන දේට පිළිගැනීමක් නැහැ. අඩුගානෙ ලංකාව නියෝජනය කරල Pageant එකකට රට යන කෙනෙක්ට Sponsor කරන්න වත් කෙනෙක් නෑ. වෙන රටවල නම් එහෙම අයට එයාලගෙ රජයෙන් සහය දක්වනව. නමුත් ලංකාව ඇතුළෙ එහෙම වෙන්නෙ නෑ. වෙන රටවල පොඩි කාලෙ ඉඳලම රඟපෑම සහ Modelling ඉගෙනගන්න Academy තියෙනවා.පොඩි කාලෙ ඉඳලම ඒවට ළමයි යොමු වුණාම ලොකු වෙද්දි එයාල දක්ෂයො වෙනවා. Female Modelsලා දිහා බලලා මිනිස්සු කතා හදන්නෙ බාහිර පෙනුම දිහා බලලා. ඒ වගේම තමයි සමහර මිනිස්සු කියන විදියට Male Models ලා කියන්නෙ Play Boysලා කියලා. Modelsලා දිහා මිනිස්සු බලන්නෙත් අපෝ එයා Modelling නේද කරන්නෙ කියල හරි කැත විදියට. අද කියන්නෙ ලංකාවෙ මිනිස්සු ආසාවට කරන දෙයක් වෙලා. ඒ වගේම ගොඩක් අය Modelling කරන්නෙ ජනප්‍රිය වෙන්න සහ Photo ටිකක් ගහල Facebook දාන්න බලාගෙන විතරයි. බලන බලන හැමෝම Modelling කරනව දැන් ලංකාවෙ. මම නම් කියන්නෙ දොස්තර කෙනෙක් දිහා බලන් ඉදල දොස්තර කෙනෙක් එන්න බෑ වගෙම තමයි Modelling කියන්නත් බලාගෙන ඉදල කරන්න පුලුවන් දෙයක් නෙවෙයි. ඉගෙනගෙන හරියට කරන්න ඕන දෙයක්.

මේ ආපු දුර පිළිබඳ මොකද හිතෙන්නේ...
ආ මග කෙටියි, යා යුතු මග දුරයි. අවුරුදු 6 ඇතුලත මම කරපු නිර්මාණ ප්‍රමාණය බොහොම ටිකයි. දකින දකින නිර්මාණ වල පෙනීසිටින්න මට උවමනාවක් නෑ. මිනිස්සුන්ට මතක හිටින්න එක නිර්මාණයක් කරත් ඒක වටිනව මට ගොඩක්. හැබැයි 2017 අවුරුද්දෙදි ටිකක් වැඩියෙන් වැඩ කරන්න තමයි ඉන්නෙ.

රංගනයේදී/මෝස්තර නිරූපණයේ දකින්න අකමැතිම දේ කුමක්ද?

පලවෙනි දේ තමයි නිර්මාණයක් වෙද්දි සහෝදර ශිල්පීන්ට ශිල්පිණියන්ට සහය නොදක්වන අය තමයි මම අකමැතිම මිනිස්සු කොට්ටාශය. මොකද තමන් කොයි තරම් ප්‍රවීණ වුනත් නවකයෙක් වුනත් තමන්ගෙ සහෝදර ශිල්පීන්ට ශිල්පිණියන්ට සහය දක්වන්න ඕන. අනිත් දේ තමයි ඔය දක්ෂතාවයක්  නැතුව Directors ලා ට, Producers ලාට, Photographersලාට පන්දම් අල්ලලා ඉස්සරහට එන අය ඉන්නව නේද? ඒ තමයි අනිත් පේන්නම බැරි ජාතිය.

ආදරය ගැන මොකද හිතන්නේ....?


ආදරය ගැන නිර්වචන දෙන්න තරම් මට දැනුමක් නෑ ඉතින්. ඉපදුනු දවසෙ ඉදන් මැරනකන් අපි හැමෝම ආදරය කරනවා සහ ආදරය විදිනවා.

දැනට ඔබ ආදරවන්තයෙක්ද? ආදරවන්තියක්ද?
ඔව් ඉතින් අම්මා තාත්තගෙ ආදරේ මං විදිනවා. මන් එක්ක ඉන්න යාලුවො මට ආදරෙයි. ඉතින් එතකොට මමත් ආදරේ කරනවා.

දැන් ගොඩක් අය සමාජ සත්කාර කරනවා. ෆේස්බුක් සමාජ ජාලය හරහාත් මුදල් එකතු කරමින් එවැනි දේවල් කරනවා. මේ සම්බන්ධයෙන් ඔබ දරන්නේ කුමන මතයක්ද?

Facebook නිසා ගොඩක් ඒ වගේ සමාජ සත්කාර සිදු වුණා. අද කොහේ හරි දෙයක් උනාම ඒකට රට වටේම මිනිස්සු එකතුවෙනව. Facebook නැත්නම් මිනිස්සු අධාර එකතු කරන්න රට වටේම Poster අලවන්න ඕන. ඒක ප්‍රායෝගික නෑනෙ. අර මීරියබැද්දෙ ආපදාව වුණු වෙලාවෙ වගේම ගංවතුර ආපු වෙලාවෙ Facebook එක හරහා කොල්ලො කෙල්ලො එකතුවෙලා ගොඩක් වැඩ කලා. හොද වැඩ ගොඩක් වෙද්දි ඉතින් බොරදියේ මාලු බාල තමන්ගෙ මඩිය තර කරගන්න උනුත් ඉන්නවා. සමාජ සත්කාර කරන්න ඕන පිරිසිදු හදවතින්. එහෙම නැතුව ජනප්‍රිය වෙන්න බලාගෙන සල්ලි ඉතුරු වෙන ටික තමන්ට ගන්න බලාගෙන ඔහොම වැඩ කරල වැඩක්නෑ.

දේශපාලනය ගැන ඔබේ මතය කොහොමද?
රටකට ඉතින් දේශපාලනය කියන දේ අත්‍යවශ්‍ය සාධකයක්. ලංකාවෙ දේශපාලනය ගැන මම මුකුත් නොකිය ඉන්නම් නේ?