බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදින ශ‍්‍රී ලාංකික තරුණිය [Photo and Video]

ශ‍්‍රී ලංකාව ප‍්‍රමාණයෙන් කුඩා රටක් වුව ද, විවිධ මාතෘකා හරහා සමස්ත ලෝකයේ ම අවධානයට ලක්ව ඇති රටකි. ක‍්‍රිකට් ජයග‍්‍රහණ, යුද්ධ ජයග‍්‍රහණ ඇතුළු ධනාත්මක හේතු මෙන් ම වෙනත් ඍණාත්මක හේතුවලින් ද ශ‍්‍රී ලංකාව කැපී පෙනේ.‍ මේ අතර, ශ‍්‍රී ලාංකික තරුණියක බ්‍රිතාන්‍යයේ කතාබහට ලක්ව ඇති ප‍්‍රමුඛ පෙළේ දේශපාලනඥවරියක වී තිබීම ශ‍්‍රී ලංකාවට තවත් ගෞරවයක් ලැබීමට හේතුවකි.


චමාලි ප‍්‍රනාන්දු නමැති ඇය 1979 වසරේදී උපත ලබා ඇති අතර මේ වන විට 36 වන වියේ පසුවේ. ඇගේ දෙමාපියන් වන්නේ, වින්නඹු මාතාවක ලෙස සේවය කළ වනිතා ප‍්‍රනාන්දු සහ නීතීඥ සුමල් ප‍්‍රනාන්දු යුවළ යි.

චමාලි ප‍්‍රනාන්දු මේ වන විට බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටින අතර ඇය මෙවර කේම්බ්‍රිජ් නගරයේ කන්සවේටිව් පක්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂිකාව ලෙස තරග කරයි.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය මැයි මස 7 වන දා පැවැත්වේ. නීතීඥවරියක වන චමාලි ප‍්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ බැරිස්ටර් උපාධිධාරිනියක ‍වේ. නීතිමය කටයුතුවලට අමතරව මානසික රෝගීන් පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වන ඇය මානසික රෝගීන් සඳහා අත්පළඳනාවක් පැළඳවිය යුතු බවට යෝජනා කර තිබේ.

සමාජයෙන් මානසික රෝගීන් අවශ්‍ය සැලකිල්ල ලබා ගැනීම සඳහා ඇය එම යෝජනාව කර ඇති අතර එය මේ වන විට බ්‍රිතාන්‍ය දේශපාලන වේදිකාවේ වඩාත් කතාබහට ලක්ව ඇත. චමාලි ප‍්‍රනාන්දු පවසන්නේ, තමන් උසස් පෙළ විභාගය වෙනුවෙන් දේශපාලන විද්‍යාව හැදෑරූ සමයේ සිට දේශපාලනයට පිවිසීමේ කැමැත්තක් ඇති වුණු බව ය.

චමාලි ප‍්‍රනාන්දු යනු කවරෙක්ද යන වග විස්තර කෙරෙන වීඩියෝවක් පහත දැක්වේ.


















Share this