බස් නැවතුමේ සිටි කතක් යට කළ කාර් රථ රියැදුරු දිව්ව හැටි (වීඩියෝ සහිතයි)


මහියංගණය, දෙහිගොල්ල මහා විද්‍යාලය ඉදිරිපිට දී අද සිදු වූ රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා මහියංගණය මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

අදාළ මෝටර් රථය පාරෙන් ඉවතට පැන දෙහිගොල්ල මහා විද්‍යාලය ඉදිරිපිට ඇති බස් නැවතුම් පොලට මෝටර් රථයක් කඩා වැදීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා. රෝහල් ගත කෙරුණු එක් කාන්තාවකගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. 
එම අවස්ථාවේ සිටි අයෙකු සිද්ධිය වීඩියෝ කර ඇති අතර වාහනය ඉවත් කර කාන්තාව බේරාගැනීමට අවට සිටි පිරිස් සමත්වන අයුරුද එම වීඩියෝවේ දැක්වෙනවා.

තුවාල ලැබූ කාන්තාව වෙනත් වාහනයක දමා රෝහල වෙත යොමු කරන අතර රියදුරු වාහනය දමා දුවන අයුරුද එම වීඩියෝවේ සටහන් වී තිබෙනවා.

එය පහතින් නරඹන්න....

Share this