666000ක් වූ විශාල පිරිසක් සාමාන්‍ය පෙළ ලියන ඉතිහාසයේ පළමු වර්ෂය මේ වසරයි

දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධයයන පොදු සහතික පත්‍ර‍සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට අයදුම්පත් හය ලක්ෂ හැට දහසකට අධික ප්‍ර‍ාණයක් ලැබී ඇතැයි විභාග කොමසාරිස් දෙපාර්තමේන්තුව පවසනවා. 
දෙසැම්බර් මස 8 වැනිදා සිට 17 වැනිදා දක්වා සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් ලෙස අයදුම්පත් යොමු කර ඇත. මේ අනුව පාසල් නියෝජනය කරමින් සහ පෞද්ගලික අයදුම්කරුවන් ලෙස පෙනී සිටීමට විභාග දෙපාර්තමේන්තුවට අයදුම්පත් 666000ක් ලැබී තිබෙන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරනවා. මේ අනුව විභාග ඉතිහාසයේ මෙතෙක් වැඩිම දෙනෙකු පෙනී සිටින විභාගය ලෙස එළැඹෙන දෙසැම්බර් මාසයේ පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගය පත්වන බව ද වාර්තා වනවා. 

Share this