ස්විස් ගිණුම් රෙගුලාසි වෙනස් වෙයි

උපයා ගත් මුදල් තම රටේ මූල්‍ය හා බැංකු අධීක්ෂණ බලධාරීන්ට හෙළි නොකරන තැන්පතු බාර නොගැනීමට ස්විස් බැංකු අධිකාරීන් ගත් තීරණය අනුව ස්විට්සර්ලන්තයේ තැන්පත් කර ඇති විශාල විදේශ මුදල් ප්‍රමාණයක් මේ රටට ඇදගැනීමට හැකි වනු ඇතැයි මූල්‍ය බලධාරීහු විශ්වාසය පළ කරති.

ස්විස් ගිණුම් හිමියන්ට පමණක් නොව, විදේශගත සමස්ත ශ්‍රී ලාංකික ප්‍රජාවටම බාධාවකින් තොරව පොලී නොලැබෙන ස්විස් ගිණුම් වෙනුවට ඉහළ පොලියක් ලැබෙන ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම්වල ඒ විදේශ මුදල් තැන්පත් කළ හැකියැයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා පැවැසීය.

මේ අනුව ස්විස් ගිණුම්වල ඇති ඩොලර් බිලියන පහ හයක මුදල් ඉදිරි මාස හය තුළ ශ්‍රී ලංකාවට ඇදී එනු ඇතැයි මුදල් ඇමැතිවරයා විශ්වාසය පළ කළේය.

ශ්‍රී ලංකාවට රැගෙන එන විදේශ මුදල් පිළිබඳව කිසිදු විටෙක ප්‍රශ්න නොකෙරෙන අතර කිසිදු බදු මුදලක් අය නොකෙරෙනු ඇත.

Share this