හිටපු ඇමති බැසිල් ලංකාවට පා තබයි - ඡායාරූප සහිතයි

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපලින් දිවයිනට පැමිණියා. ඒ, ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 348 යානයෙන්. හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් 2000 ක් පමණ  මේ මොහොතේ ගුවන් තොටුපළ පරිශ‍්‍රයේ රැදී සිටි.

හිටපු අමාත්‍යවරයා පිළිගැනීම සඳහා බස්නාහිර පළාත් අමාත්‍ය නිමල් ලන්සා, නැගෙනහිර පළාත් සභා මන්ත‍්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුලූ කිහිපදෙනෙකු ගුවන් තොටුපලට පැමිණ සිටි. එසේම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විරෝධය පළ කරන කණ්ඩායමක්ද ගුවන් තොටුපල පරිශ‍්‍රයේ රැඳී සිිටින බව සඳහන්.

මේ අතර කටුනායක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය මේ වන විට වසා දමා තිබෙනවා. එම පර්යන්තයට ඇතුළුවීමට කිසිවෙකුටත් මේ වන විට අවස්ථාවක් නොමැත.













Share this