පාහියංගලින් හමු වූ වසර 10,000ක් පැරැණි ඇටසැකිල්ල කාන්තාවකගේ

කළුතර පාහියංගල ඉපැරැණි සුසාන භුමියෙන් 2012 වසරේ දි සොයා ගත් මානව අස්ථි පංජරය මෙයට වසර 10000 කට පෙර ජිවත් වු කාන්තාවගේ බව මේ පිළිබඳ එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේ පවත්වනු ලැබු කාල නිර්ණ වාර්තාවෙන් හෙළිවී ඇතැයි පශ්චාත් පුරාවිද්‍යා උපාධි ආසතනයේ කථිකාචාර්ය හිටපු නියෝජ්‍ය පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් නිමල් පෙරේරා මහතා පවසනවා.

දැනට හඳුනාගෙන ඇති පරිදි මේ කාන්තාව වයස අවුරුදු 19-22 ත් අතර කිලෝ ග‍්‍රැම් 54 ක් පමණ බරැති උස අඩි 5 අගල් 4ක් වු වැඩි මහත නැති කෙසඟ සිරුරක් ඇත්තියකගේ බවද අණාවරණය කර ගෙන ඇතැයි ඒ මහතා වැඩිදුරටත් පවසනවා.

මේ අස්ථි පංජරය මෙතෙක් ආසියාවේ හමුවි ඇති උසම සිරුර බවද මේ වාර්තාව අනුව පෙනි යන බව පෙන්නා දෙන නිමල් පෙරේරා මහතා කෙසේ වුවද මේ කාන්තාවද කිසියම් දන්ත රෝගයකින් පෙළී සිටිය කාන්තාවක් බව ද අණාවරනය වි ඇතැයි පවසයි.

මේ කාන්තාවගේ මළ සිරුර ඇලයට වකුටු කොට වළලා තිබු එකක් බවද ඒ මහතා තව දුරටත් පෙන්නා දෙයි. මේ අස්ථි පංජරය ඉහත කී කාල නිර්න පරික්ෂණය සඳහා සම්පූර්ණයෙන්ම රැගෙන ගොස් මේ පරීක්ෂණය සිදුකරනු ලැබු බවද ඒ මහතා තවදුරටත් පැහැදිලි කර සිටිනවා.

Share this