''වෙලේ සුදා''ට සැප දුන්නු නිළියෝ හයක් මාට්ටු!

ජනප‍්‍රිය ටෙලි නිළියන් සය දෙනාගේම ගණුදෙනු පරික්ෂාවට 

ලංකාවේ සිටින ප‍්‍රබලම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවා හැටියට පිළිගැනෙන වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගෙන් පොලිසිය මේ වනවිට ලබාගෙන තිබෙන තොරතුරු අනුව ජනප‍්‍රිය ටෙලි නිළියන් 06 දෙනෙකු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණය කරගෙන තිබෙනවා.

ප‍්‍රසිද්ධ ටෙලි නිළියන් මුදල් සඟවාගෙන යන විට ඒවා ආරක්ෂක අංශ මගින් සැකයට භාජනය කර පරීක්ෂාවට ලක්කිරීමේ අවස්ථා විරල වන නිසා එම වාසිය පාවිච්චි කර සිය මත්කුඩු ජාවාරමේ මුදල් හුවමාරු කිරීමට අදාල නිළියන්ගේ සහය ලබාගෙන ඇති බව පැවසෙනවා.

මේ සඳහා ගාස්තු ලෙස ඇතැම් නිළියන්ගේ බැංකු ගිණුම්වලට ඉතා විශාල මුදල් ප‍්‍රමාණ ඔහු බැර කර ඇති බවද හෙළිව ඇත. මෙම නිළියන්ගේ ගිණුම් විමසීමේදී ඔවුන් නිවාස හා මෝටර් රථ මිලදී ගැනීම වැනි කාරණාවලට එම මුදල් යොදවා ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුනු හෙළිවී තිබෙනවා.

මෙකී නිළියන් 6 දෙනාද ඉදිරියේදී පොලිස් ප‍්‍රශ්න කිරීම් සඳහා කැඳවනු ඇති බව වාර්තා වන අතර ඔවුන්ගේ නම් පරීක්ෂණ අවසන්වනතුරු හෙළි නොකරන්නට පොලිසිය පියවර ගෙන ඇත.
කෙසේ හෝ වේවා මෙවැනි නළගණන්ගේ වෙස් මුහුණු ගළවා ඔවුන්ගේ කැරැට්ටුව රටටම හෙළිකිරීම යථාකාලයේ දී පොලීසිය විසින් අනිවාර්යෙන්ම සිදුකළ යුතුම ය.






Share this