කැසිනෝවලට ඇබ්බැහි වූ ඉන්දීය යුවළකගේ මළ සිරුරු වැල්ලවත්ත හෝටලයකින් හමුවේ

කොළඹ - වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ සැක කටයුතු ලෙස මියගොස් සිටි ඉන්දීය ජාතික යුවලකගේ සිරුරු ඊයේ (02) පස්වරුවේදී හමුවුණා.

කැසිනෝ ක්‍රීඩාවට ඇබ්බැහි වු බව කියන මේ දෙදෙනා පසුගිය 27 වෙනිදා මෙම හෝටලයේ නවාතැන් ගෙන ඇතැයිද, දින කිහිපයකින් ඔවුන්ගේ තොරතුරු නොලැබුන නිසා හෝටල් හිමියා පොලිසියට දැන්වීමෙන් පසු සිරුරු සොයාගත් බව ද පොලීසිය හිරු ගොසිප් වෙත සඳහන් කළා.

කෙසේ වෙතත්, ඔවුන් මියයාමට හේතුව නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ.

ඔවුන් මියගොස් සිටි ස්ථානය ආසන්නයේ තිබී කිසියම් විෂ පානයක් හමුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් සඳහන් කළේ.



Share this