සිංහයා බලුවෙයි – (වීඩියෝ සහිතයි)

සිංහයෙකුගේ ඔළුව ප්ලාස්ටික් බැරලයක සිරවීම නිසා එම සතා මුහුණදුන් අකරතැබ්බයක් මේ දිනවල අන්තර්ජාලයෙන් ජනප්‍රිය වීඩියෝවක් බවට පත්ව තිබේ. මෙම පුවත වාර්තා වන්නේ නෙදර්ලන්තයේ පිහිටි සත්ව උද්‍යානයකිනි.

සිංහයින්ට ආහාර බහා දෙන බැරලයක උගේ ඔළුව සිරවීම නිසා එය ගලවා ගැනීමට නොහැකිව ඌ පීඩා විඳින ආකාරයේ හැටියට එය බැලූ බැල්මට පෙනෙන්නේ කැළේ රජා සිංහයා බව කිවුවත් අර කතාවට කියන්නා වගේ සිංහයාත් බලුවෙනවා කියාය.
අන්න ඒ වගේ වැඩක් තමයි මෙයාට වුණේ. මේ වීඩියෝව බැලුවම ඒක හොඳටම පෙනෙයි.

කොහොම කොහොම හරි අන්තිමේ පශු වෛද්‍යවරයෙකුගේ මැදිහත්වී සිංහයා එම අකරතැබ්බයෙන් බේරාගෙන තියෙනවා.



Share this