මිෂෙල් ඔබාමා නටපු නැටිල්ල මෙන්න

මිෂෙල් ඔබාමා කියන්නේ අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා මහතාගේ බිරිඳ බව නොදන්න කොනෙක් නැහැ. මිෂෙල් ඔබාමා බරැක් ඔබාමාගේ සමාජ සේවා කටයුතු වලට සහයදෙනවා.

මේ සියලු වැඩ කටයුතු වලට අමතරව ඇයට හොඳට නටන්නත් පුළුවන් කියලා පසුගිය දවස්වල විදේශ රූපවාහිනි වැඩසටහන් වලදී අපිට දැකගන්නට ලැබුණා. ඉතින් එන්න ඒ වගේ වෙලාවක මිචෙල් නටපු නැටිල්ලක් ගැනයි මේ කියන්න යන්නේ.

පසුගිය සඳුදා අමෙරිකාවේ ධවල මන්දිරයේදී පාස්කුව සැමරීම සඳහා පැවැත්වුණු උත්සවයේදී තමයි මිෂෙල් ඔබාමාගේ අලුත්ම නැටුම අපිට දකින්න ලැබුණේ.

ඇය මේ නැටුම ඉදිරිපත් කරලා තියෙන්නේ කුඩා දරුවන්ගේ තරබාරු බව නැතිකිරීම සඳහා පවත්වාගෙන යන සමාජ සේවා වැඩසටහනේ ප්‍රවර්ධන වැඩකටයුතු වෙනුවෙන් කියලයි ආරංචිය.එම වීඩියෝව පහතින් බලන්න.



Share this