මව් කුසේදී ගීතයක රිද්මයට අත්පොළසන් දෙන බිළිඳු කළලයක්

මව් පදවිය ලැබීමට සූදානම් වීමේදී ඕනෑම මවක් පියෙක් පෙර සූදානම් වන්නේ ඉතාමත් සතුටෙනි.

මෙම සිදු වීමට පාදක වන බිළිදගේ දෙමාපියන් දෙදෙනා ද වෛද්‍යවරයෙකු මුණ ගැසීමට ගිය අවස්ථාවේදී අල්ට්‍රා සවුන්ඩ් තාක්ෂණය ඔස්සේ ඔවුන්ට දැක ගැනීමට හැකි වූයේ වෛද්‍යවරයා සහ මව ගායනා කිරීමේදී කළලයේ වූ කුඩා බිළිඳා එම රිද්මයට අත්පොළසන් දෙන ආකාරයයි.

පෙර පාසල් ළමා ගීතයක් වන ‘Clap your hands’ ගීතයට කළලයේ වූ කුඩා බිළිඳා මෙලෙස අත්පොළසන් දී තිබේ.

මව සහ වෛද්‍යවරයා ගායනා කරන අතරතුර පියා එම සිදු වීම වීඩියෝ ගත කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මව පවසා ඇත්තේ, “මෙම අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. දරුවා අප ගායනා අතර තුර තුන් වරක් අත්පොළසන් දුන් බව හා මෙය අභිරහසක් නොවන අතර මෙම සිදුවීම විශ්මය ජනක” බව ය.












Share this