අදෘශමාන බයිසිකල් හෙල්මට් එකක්

ස්වීඩන් ජාතික සිසුන් දෙදෙනෙක් තමයි මේ අපුරු නිර්මාණය කරලා තියෙන්නේ. මෙය නිර්මාණය කරපු ශිෂ්‍යාවන් දෙදෙනාට මේක කරන්න අවුරුදු 7ක් විතර ගිහින් තියනවා. නමුත් මහන්සියේ ප්‍රථිපල ලබාගන්න ඒගොල්ලොන්ට පුළුවන් වුනා. හෙල්මට් එකක් කිව්වට දැක්කම නං එහෙම පෙන්නේ නෑ. 


මේ හෙල්මට් එක වැඩ කරන්නේ වාහන වල Airbag එකක් වගේ. මේ හෙල්මට් එක එච්චර ලාබදායි එකක් නම් නෙමෙයි. අනිත් කාරණය තමයි මේක වැඩකරන්නේ එක පාරයි. මේ හෙල්මට් එක පළඳින්න තියෙන්නේ අපේ බෙල්ල වටේට. පාපැදිකරු හදිසි අනතුරකට ලක් වුනොත් මේ Airbag එක ඉක්මනට පිම්බෙනවා. මේ දෙන්නගේ වැඩේ නම් අපූරුයි.






Share this