විවෘත කිරීම් දෙකකදී ගායක දෙපළට කෝටි 4 ක්‌ දීලා

පසුගිය රජය සමයේදී සිදු කළ විවෘත කිරීම් දෙකක්‌ වෙනුවෙන් රුපියල් කෝටිහතරක මුදලක්‌ මෙරට තරුණ ගායකයින් දෙපළකට ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීම් හා සංවර්ධනය කිරීමේ සංස්‌ථාව විසින් ගෙවීම් කරන ලදැයි කියන සිද්ධියක්‌ පිළිබඳ එම සංස්‌ථාවේ ජාතික සේවක සංගමය නාගරික සංවර්ධන හා ජල සම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද මහතා වෙත ලිකිත පැමිණිල්ලක්‌ කර ඇත. බෙල්ලන්විල නගර සංවර්ධන ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උළෙලට එක්‌වීම වෙනුවෙන් ජනප්‍රිය ගායකයින් ‍දෙපළක් වන භාතිය, සන්තුෂ් ගායක දෙපළට සංස්‌ථාව රුපියල් ලක්‍ෂ 270 ක්‌ද, සාන්ත ජෝන් රන් වෙළෙඳසැල විවෘත කිරීමේ උළෙලට එක්‌වීම වෙනුවෙන් ඔවුන්ට තවත් රුපියල් ලක්‍ෂ 130 ක්‌ ද ගෙවා ඇති බව ජාතික සේවක සංගමය සඳහන් කරයි. ඒ අනුව එම පැමිණිල්ල පිළිබඳ

වහා සොයා බලා ඉදිරි කටයුතු කිරීම වෙනුවෙන් විධිමත් පරීක්‍ෂණයක්‌ කරන මෙන් නියෝජ්‍ය ඇමතිවරයා ශ්‍රී ලංකා ගොඩකිරීම් හා සංවර්ධනය කිරීම් සංස්‌ථාවට ඊයේ (12 වැනිදා) නියෝග කර තිබේ. මෙම ගනුදෙනුවලට අදාළ සියලු ලිපි ගොනු එම සංස්‌ථා ජාතික සේවක සංගමය නියෝජ්‍ය ඇමැතිවරයාට භාරදී ඇති බව අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

එසේම දකුණු පළාත් එක්‌තරා ප්‍රභූවරයකුගේ සොහොන් ස්‌මාරකයක්‌ සෑදීම සඳහා අයථා ලෙස රුපියල් ලක්‍ෂ 100 ක්‌ වැය කර ඇති බවත් එම සංගමය කියයි.

මැතිවරණ සමයේදී හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් සංස්‌ථාවේ සම්පත් හා අති විශාල මුදල් ප්‍රමාණයක්‌ වියදම් කර ඇති බවද එම ලිපියේ පැමිණිල්ල මගින් සඳහන් කර ඇත. එහි තවදුරටත් සඳහන් කර ඇත්තේ නිසි ක්‍රමවේදයෙන් පිට බඳවා ගැනීම් රැසක්‌ ඇති බවයි.

‍මේ පිළිබදව අදහස් දක්වමින් භාතිය සන්තූෂ් පසුගියදා කියා සිටි‍යේ ‍මෙවන් ‍දෙයකී. බෙල්ලන්විල ව්‍යායාම මංතීරුව විවෟත කිරී‍මේ පසුගිය කා‍ලේ පවත්වපු උත්සවයක නැටුමක් සදහා භාතිය සන්තුෂ්ට ලක්ෂ 226ක් ගිය ආණ්ඩු‍වෙන් ලැබුණා කියලා ‍‍ලොකු කතාබහක් යනවා.

ඒ ව‍ගේම 2013 වස‍රේ ශ්‍රී ලංකා‍වේ තිබුනු ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළු‍වේ ශ්‍රී ලංකීය ගීතය නිර්මාණය කිරීම ‍වෙනු‍වෙන් ‍කෝටි 10ක් භාතිය සන්තුෂ්ට ලැබුණා කියලා කතා බහක් යනවා. ඇත්තද ‍මේ කතා?

"බෙල්ලන්විල ව්‍යායාම මන්තීරුව විවෟත කිරී‍මේ උත්සව‍යේ තිබුණු නැටුමකට ලක්ෂ 226ක් අපට ලැබුණා කියන කතා ‍බොරු. අපිට නම් එ‍හෙම මුදලක් ලැබු‍ණේ නැහැ.... සමහර විට ඒ මුදල හම්බ‍වෙන්න ඇත්තේ ඒ මුළු උත්සවයටම ‍වෙන්න ඇති.

ඔය කරපු උත්සව‍යේ නැටුම් ශීල්පි‍යෝ 140ක් විතර ඉදලා ති‍යෙනවා. ඒක කි‍ලෝමීටර් ගාණක් තිබුණ ඉ‍වෙන්ට් එකක්නේ. එත‍කොට ඔය නැටුම ක‍ළේ චන්දන වික්‍රමසිංහ මහත්මයා. එළි‍යේ හිටපු මිනිසුන්ට ඒ ‍දේවල් බලන්න පාරවල්වල LED Screen දාලා තිබ්බා. මම හිතන්නේ ඔය කියන සියලු ‍දේවල්වලට වියදම තමා දාලා ති‍යෙන්නේ.

ලයිට්. සවුන්ඩ් ආපු අයට කෑම බීම, පුටු අ‍නෙකුත් හැම‍දේටම ගියපු වියදමයි ඔය දාලා ඇත්තේ, අපිට කවුරු හරි ‍මේ ඉ‍වෙන්ට් එකට එන්න කිව්වොත් අපි යනවා. ‍වෝගම් සින්දුවට ‍කෝටි 10ක් හම්බවුණා කියන කාතාවත් සම්පූර්ණ ‍‍බොරුවක්.

එ‍හෙම එක සින්දුවකට සල්ලි හම්බෙනව නම් අපි ඉන්න ඕන මන්දිරවල. අපි මයිකල් ජැක්සන් ‍නෙ‍වෙයි‍නේ එච්චර සල්ලි ගන්න, කාටහරි මඩගහන්න ඕන වුණහම ඔය ව‍ගේ ‍බොරු කතා හදලා කියනවා...

Share this