චම්පික 19 පරද්දන්න හදන්නේ කේන්දරේ ජනාධිපති වෙනබව කියූ නිසාද?

19 වන ව්‍යවස්ථා සංශෝධනය පරාජය කරන්නට ජාතික හෙළ උරුමයේ චම්පික රණවක උත්සාහ කරන්නේ 2020 දී ඔහු මෙරට ජනාධිපතිවරයාවීමේ යෝගයක් තිබෙන බව ජ්‍යොතිෂ්‍යවේදියකු ප‍්‍රකාශ කර ඇති නිසා බව පුරවැසි බලය සංවිධානයේ කැඳවුම්කරු ගාමිණි වියන්ගොඩ මහතා පවසනවා. වැඩිදුරටත් අදහස් දක්වමින් වියන්ගොඩ මහතා මෙසේද පැවසීය.
බෙදුම්වාදී තර්ජනයක් ඉදිරියේ ඇති රටක් ලෙස ජනාධිපති ක‍්‍රමය තරම් සුදුසු ක‍්‍රමයක් නැතැයි කියලා චම්පික තර්කයක් ගේනවා.

යුද්ධය පරාජය කරන්නට පුළුවන් වුණේ ජනාධිපති ක‍්‍රමය නිසාලූ. මේවා නොම්බර එකේ මිථ්‍යාවන්.

2020 ජනාධිපති වෙන්න හිතාගෙන මේ ප‍්‍රකාශ කරන්නේ 1978 ව්‍යවස්ථාවේ ඇති නපුරු ලක්ෂණ අවසන් කරන්න ගත්ත උත්සාහයන්ට විරුද්ධ වුණු එකම පුද්ගලයා ඔහු. 17 වන ව්‍යවස්ථා සංශෝධනය එදා ගෙනෙද්දී පාර්ලිමේන්තුවේ ඒකට විරුද්ධ වුණු එකම මන්ත‍්‍රීවරයා චම්පික රණවක. අද එයා බණ කියනවා.






Share this