සංගා තවත් වසරක් එක්දින පිටියේ?

පසුගිය ලෝක කුසලානයෙන් අනතුරුව කුමාර සංගක්කාර එක් දින පිටියෙන් සමුගත් අතර ක්‍රිකට් විචාරකයන් සඳහන් කළේ ඔහු දක්ෂතාවලින් පිරිපුන් යුගයකදී සමු ගන්නා බවයි. එක්දින ලකුණු 14234ක් ඔහු ලබා සිටින අතර මෙය එක්දින තරඟවල ක්‍රීඩකයෙක් රැස්කල දෙවන වැඩිම ලකුණු ප්‍රමාණයයි.

සංගක්කාර එක්දින පිටියට සමුදීමත් සමඟින් ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ද මහත්සේ ශෝකයට පත්වූ අතර මේ වන විට ඔහුට නැවත වරක් එක්දින පිටියට පැමිණෙන ලෙස ආරාධනාවක් කොට ඇත. ඒ නවීන් දිසානායක මහතා විසිනුයි.


රට වෙනුවෙන් තව වසරක් ක්‍රීඩාවේ රැඳෙන්නැයි විෂය භාර ඇමති නවීන් දිසානායක මෙලෙස ඉල්ලීමක් කර ඇත.  ඒ  අද කොළඹ දී  පැවැති  මාධ්‍ය හමුවකදීයි.

ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසකගේ බලාපොරොත්තුව ඔහු නැවත් එක්දින තරඟවල ක්‍රීඩා කරනු දැකීමයි.

Share this