කැටපත් පවුර කුරුටු ගෑ තරුණිය නිදහස්

සීගිරියේ කැටපත් පවුර කුරුටු ගෑ තරුණියට ඊයේ (01) සිට නිදහස ලබාදීමට ශ‍්‍රී ලංකා ජනරජය තීරණය කර තිබේ.

මෙම තරුණිය විසින් සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑමේ චෝදනාව මත දෙවසරක සිර දඬුවම් නියම කර තිබිණි. මැය මෙය නොදැනුවත්ව සිදු කළ බව සඳහන් කරමින් ඇයට නිදහස ලබා දෙන්න යයි ඉල්ලා ඇයගේ ඥාතින් සහ තවත් සංවිධාන රාශියක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබිණි.

මේ අනුව ජනාධිපතිවරයාට ලැබුණු එම ඉල්ලීම් සියල්ල අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබුණු අතර ඇයව නිදහස් කිරීමේ ලියවිල්ලට ඊයේ (01) අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා විසින් අත්සන් තැබිණි. ඇය නිදහස් කිරීමට අවසරය දුන් බව විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙසේ නිදහස හිමිවූයේ මඩකලපුව සිත්තන්ඩි ප‍්‍රදේශයේ පදිංචි සින්නතම්බි උදේනි (27) නමැති තරුණියකට ය.
ඇය පෙබරවාරි 14 ලෝක පෙම්වතුන්ගේ දිනයදා සිය පෙම්වතාගේ නම කොණ්ඩකට්ටකින් කැටපත් පවුරේ සටහන්කර තිබිණි.

Share this