රෝයි නිසා ජැකී බැලේ නටයි (ඡායාරූප)

කික් චිත‍්‍රපටයේ ජුම්මේ කී රාත් ගීතයෙන් ඉදිරිපත් කළ සිය නර්තන හැකියාවන් වලින් බොලිවුඞ් පුරයම පුදුමයට පත්කළ ජැකලින් ෆර්නැන්ඩස් යළිත් සිය නර්තන හැකියාවන් වෙනස් ම ආකාරයකින් ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ, ඉදිරියේ දී තිරගත වීමට නියමිත ඇගේ නවතම චිත‍්‍රපටය වන රෝයි (ROY) වෙනුවෙනි.

එහි බූන්ද් බූන්ද් (Boond Boond) ගීතය සඳහා ඇය ඉදිරිපත් කරනුයේ බැලේ නර්තනයකි. මුහුදු වැල්ලේ ඉදිරිපත් කර ඇති මෙම නර්තන ජවනිකාව වෙනස්ම ආරෙක බැලේ නර්තනයක් බව විදෙස් වාර්තා වල දැක්වේ.

මෙවැනි නර්තන ශෛලියක් අනුගමනය කිරීමට උත්සහ දරණ ප‍්‍රථම බොලිවුඩ් නිළිය ජැකලින් බවද එම වාර්තා වල වැඩිදුරටත් සඳහන් වේ.

රෝයි චිත‍්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන වික‍්‍රම්ජිත් සිං හට මෙම ගීතය සඳහා ආත්මීය, කලාත්මක හා හැ`ගීම්බර නර්තන ජවනිකාවක් අවශ්‍යව තිබූ අතර එය අකුරට ම ඉටු කිරීමට සඳහා චිත‍්‍රපටයේ නර්තන අධ්‍යක්ෂක අහමඞ් ඛාන් මෙම නර්තන ශෛලිය භාවිතා කර තිබුණි.

තමාට අවශ්‍ය ශරීර භාෂාව පිළිබඳව මනා හැඟීමක් ඇති කරගැනීමට ඛාන්, ජැකලින් හට එම නර්තන ශෛලිය අඩංගු වීඩියෝ පට කිහිපයක් ලබාදී ඇත. ජැකලින් විසින්ද අදහස් කිහිපයක් ලබාදී ඇති අතර, මේ අනුව ජැකී ඉදිරිපත් කළ බැලේ නැටුමේ දසුන් කිහිපයක් පහත දැක්වේ‍.

රෝයි චිත‍්‍රපටයේදී ද්විත්ව චරිත රඟපාන ජැකීට අමතරව මෙහි අර්ජුන් රාම්පාල් හා රන්බීර් කපූර් රඟපාන අතර, ඔවුන් අතර ඇති වන තුන්කොන් පේ‍්‍රමයක්  ඕස්සේ මෙම කතාපුවත ගලායයි.

මෙම චිත‍්‍රපටය වෙනුවෙන් ජැකලින් සිය ගෙලේ හා මැණික්කටුවේ පච්ච සහිතව පෙනීසිටීමට නියමිත බවද පැවසේ.

රෝයි චිත‍්‍රපටය පෙබරවාරි 13දා එළිදැක්වීමට නියමිතයි.








Boond Boond ගීතය පහතින් නරඹන්න



රෝයි චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින් නරඹන්න..

 

Share this