හොඬක් එක්ක ඉපදුන දැරිය දෙවියෙක් වෙලා ! ඡායාරූප හා වීඩියෝව

ඉන්දියාවේ උත්තර ප‍්‍රදේශ් අලිග‍්‍රාහි හොඬක් සහිතව උපන් දැරියක් එහි වෙසෙන ජනයා දේවත්වයෙන් පුදන්නට පටන්ගෙන ඇතැයි හින්දුස්තාන් ටයිම්ස් පුවත්පත අනාවරණය කර තිබේ.

ඇය ගණදෙවියන්ගේ අවතාරය යැයි ඔවුන් විශ්වාස කෙරේ.පසුගිය බ‍්‍රහස්පතින්දා උපත ලැබූ මේ දැරියට ඇස් දෙකට මධ්‍යයෙන් ඉදිරියට නෙරන ලද කොටසක් තිබේ.ඇයව අදහන්නට පෙළඹුන පිරිස් එය හොඬවැලක් යැයි විශ්වාස කරයි.මේ පුවත සැලවීමත් සමග  ඕම් ප‍්‍රකාශ් හා සර්වේශ්ගේ නිවසට ඇදී එන්නන්ගේ ප‍්‍රමාණය දිනෙන් දිනම වැඩිව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇතැමුන් ඇයට ගණදෙවිගේ බිරිය යන අරුතින් ගණපතිනි ලෙස සුරතල් නමක්ද පට බැද ඇතැයි වාර්තා වේ.

එම පවුලේ සිව්වැනියා ඇය වන අතර ඇගේ පියා විශ්වාස කරන්නේ ඇය ඔහුට වාසනාව රැුගෙන ආ බවයි.මීට පෙර මෙවැනිම ආකාරයේ හොඬක් සහිත පිරිමි දරුවකු උපත ලබා ඇති අතර ඔහුට වැඩි දිනක් ජීවත් වීමට වාසනාව ලැබී නොමැත.කෙසේවුවද වෛද්‍යවරු පවසන්නේ මෙය ජාන විකෘති තාවයක් බවයි.













Share this