තවත් ප්‍රබල දේශපාලකයන් පහක්‌ ළඟදීම අත්අඩංගුවට

පසුගිය රජය සමයේ සිදුවී ඇතැයි කියනු ලබන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් කරනු ලබන පරීක්‍ෂණ කටයුතුවලදී හෙළි වන තොරතුරු අනුව ඉදිරි දින කීපය ඇතුළත තවත් ප්‍රබලයන් පස්‌දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බව නීතිය සහ සාමය පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා පවසනවා.

අත්අඩංගුවට ගැනීමට අදහස්‌ කරන පිරිස අතර හිටපු ඇමැතිවරුන් මෙන්ම සුවිශේෂී ගණයේ රජයේ නිලධාරීන් ද සිටින බව හෙතෙම කීහ.

දැනට ප්‍රශ්න කර ගෙන යන සැකකරුවන්ගෙන් වැඩි දෙනකුම නීතියෙන් වැරදිකරුවන් බවට හැඟෙන තොරතුරු ලැබෙන බව ජෝන් අමරතුංග මහතා සඳහන් කළේය.

මේ අනුව පසුගිය රජයේ සිදුවූ අක්‍රමිකතා පිළිබඳව වැලනොකැඩී පොලිසියට තොරතුරු ලැබෙන බව හෙතෙම සඳහන් කළේය.

Share this