නදීෂා හේමමාලිට දේශපාලනය එපාවෙයි

ජනප‍්‍රිය රංගන ශිල්පිනී සහ ටෙලිනාට්‍ය නිෂ්පාදිකා නදීෂා හේමමාලි මෙනවිය දේශපාලනයෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී මාතර දිස්ත‍්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකාවක ලෙස ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්ෂයේ තරුණ හා කලා කටයුතු සම්බන්ධීකාරක ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙනුත් ක‍්‍රියාකාරීව කටයුතු කළාය. 


කෙසේ වෙතත් වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් වන යම් කලකිරීමක් නිසා තමන් දේශපාලනයෙන් සමුගෙන නැවත වෘත්තීයමය රංගන ශිල්පිනියක් ලෙස කලා කටයුතුවල නිරත වන බව ඇය අද දින පලවන පුවත් පතකට පවසා තිබේ. ඒ අනුව ඉදිරි වසර දෙකක කාලයක් ඇය පූර්ණකාලීනව කලා ක්ෂේත‍්‍රයේ රැඳී සිටින බවද සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නදීෂා හේමමාලි මෙනවිය මෙසේ ද පවසා ඇත.

මම වසර දෙකකට දේශපාලනයෙන් සමුගත්තේ. දකුණු පළාතේ මගේ ආදරණිය ජනතාව වෙනුවෙන් ඕනෑම වේලාවක පෙනී සිටිනවා. ඔවුන්ව මට අමතක කරන්න බෑ.


Share this