අනුෂ්කාගේ රැඟුම් දැකලා විරාට් උඩ ගිහින්

‘NH 10’ චිත්‍රපටය ලොව පුරා තිරගත වීමත් එක්කම සිනමා රසික පිරිසගේ අවධානය නැවතත් අනුෂ්කා ශර්මා වෙතට යොමුවෙලා. ජනප්‍රිය යොවුන් නිළියක හැටියට ලොව පුරා විසිරී සිටින රසිකයනගේ ප්‍රතිචාර ඇය වෙත ලැබෙද්දී තවත් විශේෂ කෙනකුගෙන් ඇයට සුබ පැතුම් ලැබී තිබෙනවා. ඇයට එලෙස සුබ පතා ඇත්තේ ඇ‍ෙග් ආදරණීය පෙම්වතා, විරාට් කෝලි, ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුවක් වන විරාට්පෙමින් බැඳී සිටින්නේ අනුෂ්කා සමඟයි. එය රහසක් ‍නොවෙයි.

පසුගියදා විරාට් කෝලි කාර්ය බහුල වාතාවරණයක සිටියත් තම පෙම්වතිය, අනුෂ්කා රඟපෑ ‘NH 10’ චිත්‍රපටය නැරඹුවා. එහි අනුෂ්කාගේ රඟපෑම් දුටුව විරාට් පුදුමයට පත්වුණා.

තම පෙම්වතියට මෙතරම් දක්ෂ ලෙස චරිත නිරූපණය කිරීමේ හැකියාවක් ඇතයි ඔහු ඊට කලින් දැන සිටියේ නැහැ. ‘ඔයාගෙ රඟපෑම් දැක්කාම මං උඩ ගියා. ඒක මොන තරම් ලස්සන චිත්‍රපටයක් ද? ඔයාට කොච්චර අපූරුවට රඟපාන්න පුළුවන් ද?’ විරාට් තම ට්විටර් පිටුවෙන් ඒ පණිවුඩය අනුශ්කාට යවා තිබුණා. ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීමට කලින් ඔහු ඒ සටහන තැබුවේ.

විරාට්, ට්විටර් පණිවුඩයක් අනුශ්කාට යැව්වේ, අනුෂ්කා මෙවර ක්‍රිකට් තරග නරඹන්නට ඔස්ට්‍රේලියාවට නොපැමිණි නිසාද? මීට කලින් විරාට් ක්‍රීඩා කරද්දී අනුෂ්කා, ප්‍රේක්ෂකාගාරයේ සිට ඔහුට සුළං හාදු දුන් සිද්ධිය ප්‍රශ්නයක් වී තිබුණා.
අනුෂ්කාගේ මේ ප්‍රේම රංගනය නිසා විරාට් ගේ අවධානය ක්‍රිකට් තරගයෙන් ගිලිහී ගිය බවයි, සමහරු ප්‍රකාශ කළේ.

Share this