සියල්ලෝම නිරුවතින් සේවයේ නියුක්ත වන අමෙරිකානු කාර්යාලය

ඇමරිකාවේ සැන් ෆැන්සිස්කෝ හී පිහිටි බෝල්ට් ඉටලික් සමාගමේ සේවක සේවිකාවන් තම කාර්යාලය තුළ මසක කාලයක් නිරුවතින් වැඩ කිරීමට තීරණය කොට ඇති බව විදෙස් වාර්තා පවසනවා. විවිධ විලාසිතා ඇඳුම්වලින් සැරසී සේවයට පැමිණීම නිසා සේවක අවධානය වෙනතකට යොමු වීමට සහ ව්‍යාකූලතාවය ඇතිවීමට ඔවුන් එසේ එදිනෙදා භාවිතා කරන මෝස්තර විලාසිතා ඇදුම් පැළදුම් හේතුවන බව පාලනාධිකාරිය අදහස් කළ නිසා මෙසේ ඇදුම් උනා දමා නිරුවතින් වැඩ කිරීමට තීරණය කර තිබෙන්නේ.

‍ඔවුන් සිලිකන් වැලී ප්‍රදේශයෙන් නව ප්‍රාදේශීය කාර්යාලයක් විවෘත කර ඇති අතර එහි සේවයට පැමිණීමෙන් පසු ඇඳුම් උනාදමන ආකාරය , කාර්යාලයීය සේවා කරන ආකාරය, ආහාර ගන්නා ආකාරය ආදිය දැක්වෙන ඡායාරූප රැසක් ඔවුන්ගේ වෙබ් අඩවියේ පළ කර තිබුනි.

මෙම පුවත ඔවුන් වාර්තා කරන ලද්දේ අප්‍රියෙල් 1 දා බැවින් පුවතේ නිරවද්‍යතාව ගැන සැක පහළ වී තිබේ. එම නිරුවත් කාර්යාලයීය සේවය ගැන තවත් ඡායාරූප කිහිපයක් මෙම පිටුවේ ද ඇතුලත් කර ඇත.












Share this