FILE IMAGE |
මෙම පොළට දරුවන් 200 කට ආසන්න පිරිසක් සහභාගිවූ නිසා විදුහල්පතිවරයා එය ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වීමට කටයුතු කළේය. පෙරවරු 8.30 ට පොළ ඔහු හා ගුරු මණ්ඩලය අතින් විවෘත කොට ඊළඟට පොළේ බඩු ගැනීමට මව්පියන්ට අවස්ථාව ඇති බව නිවේදනය කළේය.
ඒ මොහොතේ නාඳුනන පිරිසක්ද සිටිනු දැක ඒ ගැන විමසා බැලීමේදී ඔවුන් සිඟිති පොළේ බඩු රැගෙන යාමට ආ අය බව ප‍්‍රකාශ කිරීමෙන් පසු ඒ පිරිසට ඇතුළුවීම තහනම් කිරීමට විදුහල්පතිවරයා කටයුතු කළේය.
මෙම වෙළෙන්ඳෝ ප‍්‍රදේශයේ සිකුරාදා දින පැවැත්වෙන ජනප‍්‍රිය පොළකට බඩු රැගෙන ගොස් වැඩි ලාභයක් ලැබීමට සූදානම්ව සිටියහ.
රුපියලත් රුපියල් විස්සත් අතර සිඟිති පොළේ සෑම බඩුවක්ම මිල කොට තිබුණි. දරුවන්ට මුදල් හුවමාරුව පිළිබඳ ප‍්‍රායෝගික අත්දැකීම් ලබාදීමට පැවති සිඟිති පොළේ අරමුණ ගැන තොග වෙළෙන්ඳන්ට පවසා ඔවුන් ආපසු හරවා යැවීමට විදුහල්පතිවරයා සමත් විය.