ඔන්ලයින් ඕඩර් කරපු ඇඳුම ගෙදරට ආවම වුණු වැඩේ- [ඡායාරූප සහිතයි]

තාක්ෂණයේ දියුණුවත් එක්ක මේ වෙනකොට ලෝකේ මිනිස්සු දැන් සල්ලි අරන් කඬේ ගිහින් බඩු ගන්න වැඩෙන් ඈත්වෙලා තියෙනවා. ඒ වෙනුවට ගොඩ දෙනෙක් ඔන්ලයින් බඩු ඕඩර් කරන්න පුරුදු වෙලා. 

කඩේට ගිහින් අල්ලලා බලලා බඩු ගන්නවට වඩා ඔන්ලයින් ඕඩර් කරනකොට තියෙන අවුල තමයි වෙබ් සයිට් එකේ පෙන්නන විදියටම මේ දේවල් ගෙදරට ආවමත් තියෙනවද කියලා හිතාගන්න බැරි එක.

ඔය විදියට දවසක් අමුතු විලාසිතාවක් තියෙන ඇඳුමක් ඕඩර් කරපු කෙනෙක්ට ඒක ගෙදරට ආවම ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වුනා. වැඬේ කියන්නේ ඔන්ලයින් බලනකොට ලස්සනට හැඩට වැඩට තිබුණු මේ ඇඳුම ඇන්දම තිබ්බ රූපෙත් කැතවෙලා ගිහින්.


චීන ජාතික කාන්තාවක් වන මැය මෙම ඇඳුම ඕඩර් කර ඇත්තේ Taobao නම් වෙබ් අඩවියෙනි. එම Taobao වෙබ් අඩවිය ලොව පුරා ජනප්‍රිය වෙබ් අඩවියක් වන Amazon වෙබ් අඩවිය මෙන් චීනයේ ක්‍රියාත්මක වන්නාවු වෙබ් අඩවියකි.

මේ ගැන ඡායාරූපයක් පලකරපු ඇඳුම ඕඩර් කරපු චීන කාන්තාව කියන්නේ ආයෙනම් හොයන්නේ බලන්නේ නැතුව මේ වගේ වැඩ කරන්නේ නෑ කියලා.


Taobao වෙබ් අඩවියේ එම ඇඳුම අලෙවිය පිණිස පළ කර ඇති ඡායාරූප. 






අදාල චීන ජාතික කාන්තාව විසින් ඇ‍නවුම් කිරීමෙන් පසුව ඇයට ලැබුණු ඇඳුම ඇය ඇදගෙන සිටින ආකාරය








නිළියක් වන ජයිමේ ඇලෙක්සැන්ඩර් 2013 තෝර් ප්‍රිමියර් හිදී එම ඇඳුම පැළඳ සිටි ආකාරය

නිළියක් වන ජයිමේ ඇලෙක්සැන්ඩර් 2013 තෝර් ප්‍රිමියර් හිදී එම ඇඳුම පැළඳ සිටි ආකාරය



Share this